පුවත්

අද සිට රක්ෂිතයක් වන නිල්ගල

Published

on

අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවල පැතිර තිබෙන නිල්ගල වනාන්තරය රක්ෂිතයක් ලෙස අද (02) නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.

හෙක්ටයාර 40,683ක සමන්විත නිල්ගල වනය මැදගම, බිබිල, නිල්ගල හා ඉඟිනියාගල ලෙස වන සංරක්ෂණ බීට්ටු හතරකින් සමන්විතය.

එහි ප්‍රධානම වන සංරක්ෂණ කොටස බිබිල අඩවිය වේ.

නිල්ගල වනය රක්ෂිතයක් ලෙස නම් කිරීමේ සමාරම්භක උත්සවයේ සංවිධාන කටයුතු වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත බිබිල, රතුගල ආදිවාසී ජන උරුම මධ්‍යස්ථානයේ දී අද (02) පෙරවරුවේ සිදුකිරීමට නියමිතව ඇත.

ජූනි 05 වනදාට යෙදී ඇති ලෝක පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශය විසින් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ යටතේ ජාතික පරිසර සතියක් නිවේදනය කර තිබෙන අතර, එහි සිව්වන දිනය වන අද දිනය ජෛවවිවිධත්ව සංරක්ෂණ දිනය ලෙස නම් කර ඇත.

Trending

Exit mobile version