පුවත්

අධ්‍යාපනයේ පරිවර්තනීය යුගය ලබන වසරේ සිට අරඹනවා – අධ්‍යාපන අමාත්‍ය

Published

on

ක්‍රියාකාරකම් සහිත ඉංග්‍රීසි කථන පුහුණුව පාසලේ පළමු වසරෙන් ආරම්භ කරන බවත්, එය ලබන වසරේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.

මේ අනුව අධ්‍යාපනයේ පරිවර්තන යුගය ලබන වසරේ මුල් කාර්තුවෙන් ඇරැඹෙනු ඇති බව ද මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ගුරුවර ගුරුවරියන් 13000ක් පුහුණු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේ‍ය.

මේ සඳහා බ්‍රිතාන්‍ය කවුන්සිලය සහ අනෙකුත් ආයතන උදව් කරන බවද ඒ සඳහා අවශ්‍ය වැඩ පොත පවා නිර්මාණය කර අවසන් වී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම පූර්ව ළමා විය සඳහාත් වැඩපිළිවෙලක් ඒ අමාත්‍යාංශයට භාර දෙන බව සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

Trending

Exit mobile version