පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

2024 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට චක්‍රලේඛය අනුව ළමුන් ඇතුළත් කිරීම අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පවසන්නේ පසුගිය මස 26 වනදා ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ළමුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කිරීම හෝ නිලධාරීන් ස්ථාන මාරු කිරීම් අත්හිටුවා ඇති බවය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයෙකු යැයි හඳුන්වා ගන්නා පුද්ගලයෙකු විසින් ඉහත තොරතුරු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකරමින් පවතින බවට අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇති බවත් එම නිවේදනයේ සඳහන් ය.

Trending

Exit mobile version