Connect with us

පුවත්

අධ්‍යාපන කවුන්සිලයක් පිහිටුවීමට පියවර

Published

on

මෙරට අධ්‍යාපනයේ පරිවර්තනයක් උදෙසා ‘අධ්‍යාපන කවුන්සිලයක්’ පිහිටුවීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය භාවය සහ ගුණාත්මක භාවය සංවර්ධනය කිරීම එම අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීමේ මූලික අරමුණු දෙක බව ද ඇය පැවසුවාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ මීගොඩ පිහිටි අධ්‍යාපන නායකත්ව සංවර්ධන හා කළමණාකර පීඨ ශ්‍රවණාගාරයේ දී පැවති වැඩසටහනක් අමතමිනි.

2026 වසරේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ දී රජයට අවශ්‍ය වී ඇත්තේ, හදවතින් ම කැප වී වැඩ කිරීමට හැකි, හොඳ ධාරිතාවක් තිබෙන, අධ්‍යාපනයේ පංගුකරුවන් සහ සම්පත්දායකයින් බිහි කර ගැනීමට බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,

“අධ්‍යාපනය වගේ විෂයකදී වෘත්තීය වගකීමෙන් එහාට ගිහින් පුරවැසියෙක් ලෙස පුරවැසි වගකීමකින් කටයුතු කරන්නට අපට සිදු වේවි. එහෙව් අධ්‍යාපනික පරිවර්තනයක ඉතිහාසය ඔබේ අතින් තමයි ලියැවෙන්නේ. ඒ නිසා නිල වගකීමෙන් එහාට ගිහින් කටයුතු කරන්නට මා ඔබට ආරාධනා කරනවා.” 

“පොරොන්දු වූ පරිදි ම රාජ්‍ය සේවයේ ඉහළ ම වැටුප් තල 10 අතරට ගුරු සහ විදුහල්පති ශ්‍රේණි රැගෙන එන්නට අපිට හැකියාව ලැබී තිබෙනවා. කවුරු කොහොම එක එක තැන්වල කතා කිවුවත් ඇත්ත ඒකයි. මම නැවතත් කියන්නේ අපි ඒ කටයුත්ත කරලා තියෙන්නේ. මුදල් අමාත්‍යංශය වගේ ම මහා භාණ්ඩාගාරයත් අපට පැහැදිලි ව ඒ බව දැනුම් දීලා තිබෙනවා. වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳ තවදුරටත් ඉදිරියේ දී කටයුතු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා ක්‍රියාත්මකයි.” 

“ඒ වගේ ම මේ පද්ධතිය තුළ අවුලක් පවතිනවා කියන එකට අපි සේරම එකඟයි. කොතනින් හරි එය නිවැරැදි විය යුතු යි. එය ක්ෂණික ව කළ හැක්කක් නොවෙයි. ක්‍රියාවලියක්. හුදු ආණ්ඩුවක් පමණක් මේකට මැදිහත් වීම ප්‍රමාණවත් නැහැ. පද්ධතිය පරිවර්තනයකට රැගෙන යන්නට නම් අප තුළ ද පරිවර්තනයක් සිදු විය යුතු යි. පද්ධතිය කියන්නේ අපි. අපි පරිවර්තනය වුණොත් පද්ධතිය ඉබේ ම පරිවර්තනය වෙනවා. ඒ සඳහා අධ්‍යාපන කවුන්සිලය අපි නිර්මාණය කර ගනිමු.”  

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading

පුවත්

අද ගිගුරුම් සහිත වැසි

Published

on

By

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved