Connect with us

පුවත්

අධිකරණයට දේශපාලකයින්ගේ ඇඟිලි ගැසීම් එපා – නීතිඥ සංගමය

Published

on

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයින් පිරිසක් සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් ඊයේ (11) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

පසුගිය කාලය තුළ ඇතැම් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් පාර්ලිමේන්තුව තුළදී සහ ඉන් පිටතදී  අධිකරණය, අධිකරණයේ පවතින නඩු සහ විනිසුරුවරුන් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම මගින් නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුවන බවට නීතිඥ සංගමය විසින් හදුනාගෙන ඇති බව එහි සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා මෙහිදී සදහන් කළේය.

විශේෂයෙන් දැනට සේවයේ නිරත විනිසුරුවරයන් නම් වශයෙන් සදහන් කරමින් ප්‍රකාශ නිකුත් කිරීම ද දක්නට ලැබුණු බැවින් මෙම තත්ත්වය පිළිබදව  නීතිඥ සංගමයේ කනගාටුව පළ කරන බවද ඔවුහු පැවසූහ.

එබැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටි නීතිඥ සංගමයේ සභාපතිවරයා, ඊට අදාළ ලිඛිත ඉල්ලීමක් ද කථානායකවරයා වෙත භාරදීම සිදු කළේය.

මෙහිදී අදහස් දැක්වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කළේ මෙරට විනිසුරුවරයන් ඇතුළු අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීමට තමා නිරතුරුව පෙනී සිටින බවත් මේ සම්බන්ධව ඉදිරියේදී ගරු මන්ත්‍රීවරයන්ගේ අවධානයට යොමු කිරීමට අපේක්ෂා කරන බවත්ය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංගමය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය සභාපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, ලේකම් නීතිඥ ඉසුරු බාලපටබැදි, භාණ්ඩාගාරික නීතිඥ චමත් ජයසේකර, සහකාර ලේකම් නීතිඥ මෙහෙරාන් කරීම් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රාජකාරි වේලාවකදී TikTok කරන සෞඛ්‍ය සේවකයින්ට වැඩ වරදින ලකුණු

Published

on

By

රජයේ වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවල නිරතවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

මාධ්‍යවේදියෙකු විසින් කළ විමසීමකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා සඳහන් කළේ, රාජකාරි වේලාවේදී ඨික්ඨොක් වැනි සමාජ මාධ්‍ය භාවිතයට සම්බන්ධ වීඩියෝ කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බවය.

ඒ අනුව, මෙම ආකාරයේ ක්‍රියාකාරකම් රාජකාරි නීති හා විනය රීතිවලට පටහැනිද යන්න පිළිබඳව සොයා බලන බවත්, අවශ්‍ය නම් තවත් පියවර ගනු ඇති බවත් අමාත්‍යවරයා විසින්  පවසන ලදී.

Continue Reading

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved