පුවත්

අධිකරණයේදී පොලිස් නිලධාරියෙකුට පහරදුන් අයෙක් රිමාන්ඩ්

Published

on

අධිකරණ රාජකාරියේ නියතු පොලිස් නිලධාරියකුට සාපරාධී බලහත්කාරය පෑ සැකකරුවෙකු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඊයේ (02) නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය කර ඇති බව පොලීසිය පවසයි.

මහෙස්ත්‍රාත්වරයා විසින් අධිකරණයේ නිශ්ශබ්දතාවය සඳහා පැමිණ සිටි පිරිස් දැනුවත් කිරීමට අදාළ පොලිස් නිලධාරියාට නියෝග කර ඇත.

එම අවස්ථාවේදී අධිකරණයේ රාජකාරි නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයා විවෘත අධිකරණයේ රැස්ව සිටි මහජනතාව අමතා අධිකරණයේ කටයුතුවලට බාධා නොවන අයුරින් හැසිරෙන ලෙස දැනුවත් කර තිබේ.

එහිදී එක් පුද්ගලයකු අමතා නිශ්ශබ්දවන ලෙසත් හා තමා පැමිණි අධිකරණ කටයුතු අවසන් නම් එම ස්ථානයෙන් පිටව යන ලෙසත් උපදෙස් ලබාදී ඇත.

එම පුද්ගලයා එය ප්‍රතික්ෂේප කරමින් අදාළ පොලිස් කොස්තාපල්වරයාට බැණවැදී පහරදීමක් සිදුකර නිලධාරියාගේ රාජකාරියට සාපරාධී බලහත්කාරයපෑමක් සිදුකර තිබේ.

අනතුරුව අධිකරණයේ සිටි සෙසු පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන නුවරඑළිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

(අද දෙරණ)

Trending

Exit mobile version