පුවත්

අධිකරණ බලය ක්‍රියාත්මක කරන්න පුළුවන් අධිකරණයට (වීඩියෝ)

Published

on

ඉතිහාසය පුරාම අධිකරණය හා පාර්ලිමේන්තුව අතර අන්‍යෝන්‍ය සබඳතාවක් පැවතියත්,අවාසනාවකට මෙන් වර්තමානයේ සිදුවන්නේ ඊට හාත්පසින් වෙනස් වූ දෙයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (23) පාර්ලිමේන්තුවේදී සිය අදහස් පලකරමිනි.

එහිදී නීතිය නවීකරණය කිරීම සඳහා අධිකරණ ඇමතිවරයා ගන්නා උත්සාහය අගය කරන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නිර්දේශවලට අනුගත වීම පැහැර හැරීමට පාර්ලිමේන්තුවට නොහැකි බවත් මහාචාර්ය ජීල්.එල්. පීරිස් මහතා විසින් සඳහන් කරන ලදී.

එමෙන්ම අධිකරණයෙන් යම් වරදක් සිදු වුවහොත්,එය නිවැරදි කිරීමට අධිකරණයටම භාරදිය යුතු අතර අධිකරණ බලය ක්‍රියාත්මක කළ හැක්කේ අධිකරණය හරහා බව හෙතෙම අවධාරණය කලේය.

https://sinhala.srilankamirror.com/wp-content/uploads/2024/07/VID-20240723-WA0044.mp4

Trending

Exit mobile version