Connect with us

පුවත්

අධිකරණ සේවා කොමිෂන් සභාවේ දෙදෙනෙකු පත්කරන්න අනුමතිය

Published

on

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා, මෙන්ම මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයින් වන ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු කබීර් හෂීම් සහ ගරු සාගර කාරියවසම් යන මහත්වරු නොවැලැක්විය හැකි හේතූන් මත මෙම රැස්වීමට සහභාගී නොවන බව දන්වා තිබිණි.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ මහතා යළි පත්කිරීමට ද ඊ.ඒ.ජී.ආර්.අමරසේකර මහතා අලුතින් පත් කිරීමට ද ජනාධිපතිවරයා කර තිබූ නිර්දේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඒකමතිකව අනුමත කරන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ වගන්තියේ උපලේඛනයේ දක්වා ඇති කොමිෂන් සභාවල සාමාජිකයින් ලෙස පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවමින් අදාළ දැන්වීම නැවත වරක් මෙම සති අන්ත පුවත්පත්වල පළ කිරීමටත් ඒ අනුව ඒ පිළිබදව පුළුල් ප්‍රචාරයක් ලබා දීමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තවදුරටත් තීරණය කළේය. ඒ සඳහා අයදුම්පත් යොමු කිරීමේ අවසාන දිනය 2023 පෙබරවාරි 15 වැනිදා ලෙස පෙර තීරණය කළ පරිදිම නොවෙනස්ව පවතින අතර, අදාළ අයදුම්පත්‍රයේ ආකෘතිය පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර තිබේ.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved