මධ්‍යම කඳුකරයේ පවතින අධික වියළි කාලගුණයත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.
පවතින අධික වියළි කාලගුණයත් සමග අද (04) දින උදැසන වන විට කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 44 කින් පහල බැස ඇත.
එමෙන්ම මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 49 කින් පහළ බැස තිබේ.
මේ ජල මට්ටම පහල බැසිම හේතුවෙන් මවුස්සාකැලේ ජලාශය ඉදි කිරිමේදි ජලයට යට වු පැරණි මස්කෙලිය නගරයේ පන්සල , හින්දු කෝවිල ඇතුළු නටබුන් රැසක් යලි මතු වි ඇත.