පුවත්

අධික වැසි සමඟ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

Published

on

දිවයිනේ නිරිත දිග ප්‍රදේශ  පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (03) සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ දැක්වේ.

ඊයේ පෙරවරු 8.30 සිට අද අලුයම 5.30 දක්වා කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මාතර, අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා වි ඇති අතර එම අගය මිලිමීටර් 69.5කි.

මේ අතර නිල්වලා ගඟේ ගංවතුර තත්ත්වය සුළු වශයෙන් තවදුරටත් ඉහළ යමින් පවතින අතර මාතර, අකුරැස්ස, මාලිම්බඩ, අතුරලිය, කඹුරුපිටිය, තිහගොඩ ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ විමිසිලිමත් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අත්තනගළු ඔය, කළු, ගිං ගංඟාවල පැවති සුළු ගංවතුර මට්ටම මේ වනවිට පහව යමින් පවති.

අධික වර්ෂාව හමුවේ පුද්ගලයින් 25,863ක් පමණ පීඩාවට පත්ව ඇති අතර ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතේය.

බස්නාහිර පළාතේ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල බලපෑමට ලක්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 20,771කි.

මේ අතර දිස්ත්‍රික්ක 08ක් සඳහා පැන වූ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක අතර කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක් ඊට ඇතුළත් ය.

Trending

Exit mobile version