පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් අද (21) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව නිවේදනය කර ඇත.
ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ දැක්වේ.
තවද පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් කළු ගඟේහී අතු ගංඟාවන් වන මගුරු ගඟේ සහ කුඩා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.
එම ගංඟාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින අතර ඒ පිලිබඳ අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා අපදා කළමනාකරණ අංශය නිවේදනය කරයි.
තවද නිල්වලා ගඟේ ජල මට්ටම පානදුගම හා තලගහගොඩ ප්‍රදේශ වලින් ඉහළ ගොස් ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.