Connect with us

පුවත්

අධිනීතීඥ තනතුර ගැන චමින්ද්‍රානිගෙන් උත්තරයක්

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රීනි චමින්ද්‍රානි කිරිඇල්ලගේ අධිනීතීඥ භාවය පිළිබඳව මතුව ඇති ගැටලුවට ඇය පිළිතුරු ලබා දී තිබේ.

ඒ, වර්තමාන ශ්‍රී ලංකාවේ අද්වකාත් හෝ අධිනීතීඥ යන නිල නාමය නීතීඥවරුන්ට ලබා නොදෙන පසුබිමකය.

ඊයේ (17) පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදී මන්ත්‍රීවරියක් මේ පිළිබඳව යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් ඇය සඳහන් කළේ තමා එංගලන්තයේ බැරිස්ටර් විභාගය සමත් නිසා මෙන්ම වසරක පුහුණු කාලයද තමා සම්පූර්ණ කර ඇති නිසාවෙන් අධිනීතිඥවරියක් බවත්, කිසිම අවස්ථාවක තමා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ‘අධිනීතිඥවරියක්’ වශයෙන් සදහන් කර නොමැති බවය.

මේ සම්බන්ධයෙන් චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය තැබූ ෆේස්බුක් සටහන පහතින්,

මේ දිනවල සමාජ මාධ්‍ය හරහා මාගේ කීර්ති නාමයට හානි වන අකාරයෙන් මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව පදනම් විරහිතව සහ ද්වේශ සහගතව, පටු දේශපාලන අරමුණු පදනම් කරගත් අසත්‍ය චෝදනා ඇතැම් පිරිස් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කරනු මා දුටුවෙමි.

“අධිනීතිඥ” යන වචනය මාගේ නම ඉදිරියෙන් යෙදීම-

මා මහා බ්‍රිතාන්‍යයේ ලින්කන්ස්ඉන්හී (Lincolns Inn) බැරිස්ටර් විභාගය වර්ශ 2000 දී සමත්වු බැරිස්ටර්වරියකි (සහතිකයේ පිටපත පහත සදහන්). ඒ අනුව, බ්‍රිතාන්‍යයේ ඉදිරි පෙළේ අධිනීතිඥ වරයන් සමග මාස 12ක පුහුණුවද (pupillage) ලබා ගත් නිසා මහා බ්‍රිතාන්‍යයේ අධිනීතිඥවරියක් වශයෙන් බ්‍රිතාන්‍යයේ ඕනෑම අධිකරණයකට කරුණු ඉදිරිපත් කිරිමේ බලයද මට ලැබුණි.

මහා බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරුන් වන ම්‍රාගට් තැචර් සහ ටෝනි බේලෙයාර් වැනි අයද බ්‍රිතාන්‍යයේ ලින්කන්ස්ඉන්හී බැරිස්ටර්වරුන්ය. තවද, කිසිම අවස්ථාවක මා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ‘අධිනීතිඥවරියක්’ වශයෙන් සදහන් කර නොමැති බවද මතක් කරමි.

‘බැරිස්ටර්වරිය’ යන වචනයේ සිංහල පරිවර්ථනය ‘අධිනීතිඥ’ වන අතර මෙය හෙලකුරු, භාශා, මදුර, දේවදාර යන විද්‍යුත් පරිවර්තන වල පරිවර්ථනය වන්නේද එසේය.

විදේශ රටකින් ලබා ගන්නාවූ අධ්‍යාපන/වෘත්තිමය සුදුසුකම් නිසා ලැබෙන නාමද ලංකාවේ භාවිත කිරීම පිළිගත් කරුණකි.

උදාහණයක් වශයෙන්, විදේශ රටක ආචාර්ය උපාධියක් (Ph.D) සම්පූර්ණ කරපු කෙනෙක් ලංකාවේද ‘ආචාර්ය’ (Dr) යන නාමය තමාගේ නම ඉදිරියෙන් යොදා ගනු ලබයි.

මීට අමතරව, මා 2003 දී ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක් වශයෙන් දිවුරුන් දුන්නේය.

මාගේ උපාධියේ සත්‍යතාවය-

මා මහා බ්‍රිතාන්‍යයේ බකිංහැම් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබද උපාධිධාරිනියක් (LL.B Honours) සහ අන්තර් ජාතික මුල්‍යකරණය සහ නීතිය පිළිබද පශ්චාත් නීති උපාධිධාරිනියකි (LL.M). (London School of Economics and Political Science).

මාගේ සියලු උපාධි/වෘත්තිමය සහතිකද මේ සමග ඇතුලත් කර ඇති අතර ජනතාව මා වෙත තැබු විශ්වාසය එලෙසින්ම රැක ගනිමින් මා ඉදිරියේදීද කටයුතු කරන බව මින් දන්වා සිටිමි .

අධිනීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල

මහනුවර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රි

පුවත්

දිවයින පුරා දන්සැල් 8,000කට වැඩි සංඛ්‍යාවක්

Published

on

By

මෙවර වෙසක් පොහොය වෙනුවෙන් දන්සැල් අටදහසකට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචිවී තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ එම සියලු දන්සැල් පරීක්ෂා කිරීමට පියවර ගන්නා බවය.

එසේම දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය විසින් පොදු උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇත.

ආහාර සහ ජලය මගින් බෝවන රෝග සම්බන්ධයෙන් අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ විශේෂ අවදානය යොමු කරන ලෙසයි දන්සැල් සංවිධායකයින්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි.

Continue Reading

පුවත්

විරාට් කෝලි ටෙස්ට් පිටියෙන් සමුගනී

Published

on

By

ඉන්දීය සුපිරි පිතිකරුවෙක් වන විරාට් කෝලි තමන් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

36 හැවිරිදි ඔහු මේ පිළිබඳව සඳහන් කර ඇති අතර වසර 14ක වෘත්තීය ජිවිතය නිමා කරන බවයි ඔහු පවසා ඇත.

විරාත් කෝලි 2011 සිට 2025 දක්වා දිවෙන වසර 14 ගැන සටහනක්ද තබා තිබේ.

ලීඩ්ස් හි හෙඩින්ග්ලි හිදී ජුනි මස 20 වනදා ආරම්භ වීමට නියමිත් ඉන්දියා – එංගලන්ත තරඟ පහකින් සමන්විත ටෙස්ට් තරඟාවලියට පෙර ඔහු මේ බව නිවේදනය කර ඇත.

විරාත් කෝලි සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ තැබූ සටහන පහතින්.,

”ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී මම මුලින්ම නිල් පැහැති ඇදුමක් ඇදගෙන වසර 14ක් ගත වී ඇත.අවංකවම, මෙම ආකෘතිය මා රැගෙන යන ගමන මා කිසි විටෙකත් සිතුවේ නැත.එය මාව පරික්ෂා කළා.මාව හැඩ ගැස්වූවා,සහ මම ජීවිතය සඳහා ගෙන යන පාඩම් මට ඉගැන්නුවා,සුදු ඇඳුමින් ක්‍රීඩා කිරීම ගැන ගැඹුරින් පෞද්ගලිකව දෙයක් තියනවා.නිහඬ ඇඹරීම, දිගු දින, කිසිවෙකු නොදකින කුඩා අවස්ථා ඔබ සමඟ සදහටම පවතිනු ඇත.මම මේ ආකෘතියෙන් ඉවත් වන විට , එය පහසු නැත – නමුත් එය නිවැරදි යයි හැඟේ.මා සතුව තිබු සියල්ල මම එයට ලබා දී ඇත්තෙමි.එය මට බලාපොරොත්තු වුවාට වඩා බොහෝ දේ ආපසු ලබා දී ඇත., මම කෘතඥතාවයෙන් පිරුණු හදවතකින් පිටත් වනවා – ක්‍රීඩාව වෙනුවෙන් මා පිටිය බෙදා ගත් පුද්ගලයින් වෙනුවෙන් සහ මඟ දිගේ මාව දැක ඇති බව හැඟවූ සෑම පුද්ගලයෙකු වෙනුවෙන්ම . මම සැමවිටම මගේ ටෙස්ට් ජිවිතය දෙස සිනහවකින් ආපසු හැරී බලමි.” 

Continue Reading

පුවත්

අද කොළඹ වෙසක් බලන්න එන අයට දැනුම්දීමක්…

Published

on

By

කොළඹ බෞද්ධාලෝක මාවත, කොළඹ ගංගාරාම, කොළඹ මහ නගර සභාව, බේබෲක් හි, ලේක්හවුස්, ජනාධිපති කාර්යාල අසල, අගමැති කාර්යාලය අසල වෙසක් කලාප රැසක් අද සිට ක්‍රියාත්මක වේ.

කොළඹ නගරයේ වෙසක් බැලීමට පැමිණීමේදී ගමන්මලු රැගෙන ඒමෙන් වළකින ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේම නළා නාද කිරීමෙන් සහ ඔලුබක්කන් නැටීමෙන් වළකින ලෙසත්, එවැනි විකාර ක්‍රියා සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිසියට නියෝග කර ඇති බවත් ඒ මහතා කීය.

නගරය තුළ ඇතිවන මාර්ග තදබදය අවම කිරීමට රථවාහන විමර්ශන නිලධාරීන් සුදානමින් සිටින බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය. මේ අතර, කොළඹ නගරයේ සහ ඒ ආසන්න නගරවල වෙසක් තොරණ 25ක් අද සිට පුරා සතියක් ප්‍රදර්ශනය කෙරේ.

  • ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කොස්ගස්හන්දිය, 
  • ඔරුගොඩවත්ත, 
  • තොටළඟ 
  • දෙමටගොඩ 
  • බොරැල්ල තොරණ 
  • කැම්බල් පිටියේ ද 
  • කැලණිය පොලිස් වසමේ කැලණි රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් තොරණ 3ක් ද 
  • පිටකොටුව බෝධිය අසල තොරණක් 
  • පෑලියගොඩ පොලිස් වසමේ නවලෝක තොරණ
  • පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ තොරණ 
  • වැලිකඩ නගරයේ තොරණක්
  • මහරගම නගරයේ තොරණක් 
  • කොට්ටාව නගරයේ තොරණක් ද 
  • හෝමාගම නගරයේ තොරණක් ද 
  • දෙහිවල වෛද්‍ය පාරේ තොරණක් ද 
  • බෙල්ලන්විල විහාර මාවතේ තොරණක් ද 
  • පිළියන්දල නගරයේ තොරණක් ද 
  • කිරිබත්ගොඩ නගරයේ තොරණක් ද 
  • මොරටුව නගරයේ තොරණ 3ක් ද 
  • අතුරුගිරිය නගරයේ තොරණක් ද 
  • මාලබේ නගරයේ තොරණක් ද මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කෙරේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved