TNT නමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01කට අධික ප්‍රමාණයක් යාපනය ගුරුනගර් ජැටිය ප්‍රදේශයෙහි අද (17) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මඟින් එම ප්‍රදේශය පිහිටි ලඳු කැළෑවක් තුළ තිබූ සැකකටයුතු පාර්සලයක් නිරීක්‍ෂණය කිරිමෙන් පසු මෙම පුපුරන ද්‍රව්‍ය වලට අමතරව සේවා නූල් අඩි 03යි අඟල් 04ක පමණ ප්‍රමාණයක් ද සොයා ගෙන ඇත.
තවද මෙම පුපුරණ ද්‍රව්‍ය සඳහා ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.
(navy.lk)