පුවත්

අධිවේගයේ ආදායම කෝටි 13 පනී

Published

on

පසුගිය දින කිහිපය තුල අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 134ක ආදායමක් උපයාගෙන තිබේ

අලුත් අවුරුදු සමය හේතුවෙන් ගම් බිම් බලා යන ජනතාව වැඩි වශයෙන් අධිවේගී මාර්ගය භාවිත කිරීම මීට හේතු වී ඇත.

අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා පැවසුවේ, පසුගිය අප්‍රේල් 11,12 සහ 13 දිනවලදී පමණක් අධිවේගී මාර්ගයේ වාහන තුන්ලක්ෂ 87,000ක් ධාවනය කර ඇති බවය.

පසුගිය 11, 12 යන දිනවලදී පමණක් අධිවේගයේ ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් වාහන අධිවේගී මාර්ගවලට ඇතුළු වී තිබේ.

මේ අතර, උත්සව සමයේ දින තුනක් තුළ ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායමද වාර්ගාගත ලෙස ඉහළගොස් ඇත.

ඒ අනුව පසුගිය 10, 11 සහ 12 යන තෙදින තුළ පමණක් ඔවුන් මිලියන 600ක ආදායමක් උපයා තිබේ.

Trending

Exit mobile version