පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණයට හිටපු පළාත් පාලන නියෝජිතයින්ට දුන් පත්වීම් අවලංගු කළ බව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.
නීති විරෝධීව ලබා දී ඇති පත්වීම් වහා අවලංගු කරන ලෙස තමන් පළාත් ආණ්ඩුකාරවරුන්ට ලිඛිතව කළ දැනුම්දීමකට අනුව මෙම පත්වීම් අවලංගු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කලේය.
පළාත් පාලන මැතිවරණය කල් දමා ඇතත් පළාත් පාලන මැතිවරණ නීතිය මේ වනවිට බලාත්මක බැවින් එම පත්වීම් නීති විරෝධී බව තමන් පෙන්වා දුන් බව සභාපතිවරයා පවසා සිටයේය.
ඇතැම් පළාත් ආණ්ඩුකාරවරුන් විසින් පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණයට හිටපු පළාත් පාලන නියෝජිතයින් සහ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති අපේක්ෂකයින්ට පත්වීම ප්‍රදානය කර ඇති බවට මැතිවරණ නිරීක්ෂකයින් ඇතුළු පාර්ශ්ව කිහිපයක් පසුගියදා පැමිණිලි ඉදිරිපත් කෙරිණි.
කෙසේ වෙතත් තවත් පළාත් කිහිපයක ආණ්ඩුකාරවරුන් ලබා දුන් එවැනි පත්වීම් අවලංගු කළ බව මෙතෙක් දැනුම් දී නොමැති බවද සභාපතිවරයා විසින් ප්‍රකාශ කරන ලදී.