Connect with us

පුවත්

අන්තර්ජාල වංචා මඩින්න ලංකාවට චීනයේ සම්පූර්ණ සහය

Published

on

අන්තර්ජාල වංචා සිදුකළ සැකකරුවන් ලෙස චීන ජාතිකයන් ඇතුළු විදේශිකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධ වාර්තා පිළිබඳව අවධානය යොමු කර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය පවසා ඇත්තේ මෙවැනි වංචා හේතුවෙන් දෙරට ජනතාවගේ වත්කම් වලට එල්ල වන තර්ජනයට අමතරව, දෙරට අතර පවතින මිතුදමටත්, චීනයේ ප්‍රතිරූපයටත් බරපතල හානියක් සිදුවන බවයි.

අන්තර්ජාල වංචා පිළිබඳ ලාංකික මහජනතාවගේ අඩු අවබෝධය මෙන්ම විදුලි සංදේශ යටිතල පහසුකම්, භූගෝලීය පිහිටීම හා චීනය සමඟ ඇති මිත්‍ර සබඳතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින වාසි සහගත තත්ත්වයන් හේතුවෙන් ලංකාවට පැමිණ ඇති අපරාධ වංචා කල්ලි, දෙස් විදෙස් රටවල සිටින චීන පුරවැසියන් ඉලක්ක කර ගනිමින්, දිගින් දිගටම මෙවැනි ක්‍රියා වල නිරත වන බව තානාපති කාර්යාලය පවසයි.

මෙය, මෑත කාලයේදී ශ්‍රී ලංකාව තුළ ටෙලිකොම් වංචා සිද්ධීන් ඉහළ යාමටද හේතුවක් වී ඇති බවත් එහි දැක්වේ.

මෙම සැකකරුවන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කරන අතරම, ඔවුන්ව කොටු කරගැනීමට ශ්‍රී ලංකා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පූර්ණ සහය ලබා දෙන බව චීන තානාපති කාර්යාලය කියා සිටියි.

චීනයේ ටෙලිකොම් හා අන්තර්ජාල වංචා මුලින්ම වාර්තා වූයේ 1990 ගණන් වල බවත්, මෑතකාලීනව ගෙන ඇති පියවර හේතුවෙන් මේ වන විට චීනය තුළ එවැනි අපරාධ විශාල වශයෙන් අඩු කරගැනීමට හැකි වී ඇති බවත් එහි දැක්වේ.

මේ වන විට ගෝලීය ගැටළුවක් බවට පත්ව ඇති මෙම වංචා මැඩලීම සඳහා මියන්මාරය, කාම්බෝජය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් රැසක් සමගද චීන බලධාරීන් සහයෝගීතාවය වැඩි කර ඇති බවත් තානාපති කාර්යාලය සඳහන් කරයි.

අන්තර්ජාල වංචා මැඩපැවැත්වීම සඳහා චීනයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා පොලිසිය සමඟ ඒකාබද්ධව විශේෂ මෙහෙයුමක් සිදු කිරීමට ක්‍රියාකාරී කණ්ඩායමක්ද පත්කළ බවත් මේ යටතේ අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් විශාල පිරිසක් යළි චීනයට යැවීම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රමයෙන් සිදුවෙමින් පවතින බවත් එහි දැක්වේ.

ශ්‍රී ලංකාව සමග නීතිය ක්‍රියාත්මක කිරීමේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, මෙම ගැටලුව ඒකාබද්ධව විසඳීම සඳහා කඩිනම් හා ඵලදායී ක්‍රියාමාර්ග ගැනීමටත් සූදානමින් සිටින බව පවසන චීනය, මේ සඳහා ශ්‍රී ලංකා රජය, ජනතාව, ජනමාධ්‍ය සහ විශේෂයෙන් ආරක්ෂක අංශවල සහයෝගය නිරතුරුව අපේක්ෂා කරන බවද වැඩිදුරටත් කියා සිටියි.

පුවත්

විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දෙයි

Published

on

By

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක මහතා විසින් අද (30) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් ඒ අනුව විශේෂ පාර්ලිමේන්තු බහුතරයකින් සහ මහජන ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත.

කෙසේ වෙතත්, අධිකරණ නිර්ණායකයන්ට අනුකූල වන ආකාරයෙන් වගන්ති සංශෝධනය කළහොත් මෙම උල්ලංඝනයන් අදාළ නොවන බව ද සඳහන්ය.

Continue Reading

පුවත්

විශේෂ පාර්ලි­මේන්තු රැස්වී­ම (සජීවී විකාශය)

Published

on

By

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය පරිදි අද (30) දින පාර්ලි­මේ­න්තුවේ විශේෂ රැස්වී­මක් පැවැත්වේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලැබූ ඉල්ලීමක් මත කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද මෙලෙස පාර්ලිමේන්තුව කැඳවා ඇත.

රාජ්‍ය මූල්‍ය කළ­ම­නා­ක­රණ පනතේ 11 වැනි වග­න්තිය ප්‍රකා­රව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදි­නට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝ­පාය ප්‍රකා­ශ­යක් නිවේ­ද­නය කිරීමේ අව­ශ්‍ය­තාව සම්පූර්ණ කිරීම සඳහා පාර්ලි­මේ­න්තුව මෙලෙස රැස්වී­ තිබේ.

මීට අදා­ළව ආණ්ඩුව ගෙන එන සභාව කල්තැ­බීමේ විවා­දය අද සවස 4.30 දක්වා පැවැත්වෙනු ඇත.

සභාව කල්තැ­බීමේ මෙම විවා­ද­යෙන් පසුව පාර්ලි­මේ­න්තුව නැවත ජූලි මාසයේ 8, 9 සහ 11 යන දින­වල රැස්වී­මට නිය­මිතය.

අද දින පාර්ලිමේන්තුවේ සජීවි විකාශය ,

Continue Reading

පුවත්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි 05දෙනෙකුට ස්ථාන මාරු

Published

on

By

රාජ්‍ය නිවේදිත නිලධාරීන් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙය සිදුකර ඇති බවය.

අදාළ පත්කිරීම් හා ස්ථානමාරු කිරීම් මෙසේය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved