පුවත්

අන්තරේට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර

Published

on

අද (16) විරෝධතා පාගමනයක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සාමාජිකයින් පිරිසකට කොල්ලුපිටිය ප්‍රදේශයේදී හා නෙළුම් පොකුණ රඟහල ආසන්නයේදී කඳුළු ගෑස් සහ ජාල ප්‍රහාර එල්ල වී තිබේ.

තුම්මුල්ලේ පිහිටි, එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිටට අද (16) දහවල් පැමිණි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සාමාජිකයින් එහි සිට විරෝධතා පාගමනක් ආරම්භ කළේය.

ඒ ත්‍රස්ත පනත අහෝසි කිරීම, බදු බර – බඩුමිල පහත හෙළීම, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

කෙසේවෙතත් ගාලුමුවදොර පැවැත්වීමට නියමිත විරෝධතාවක් වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබුණු අතර, ඒ ලිප්ටන් වටරවුමේ සිට යුනියන් පෙදෙස හරහා ගාලුමුවදොර දෙසට ඇතුළුවීම වළක්වාලමිනි. කෙසේවෙතත් ගාලුමුවදොරට ඇතුළුවීමකින් තොරව උද්ඝෝෂකයින්ට විරෝධය සිදුකිරීමට බාධාවක් නොවන බව අදාළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් විය.

මේ හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් ද අවහිර වී තිබුණු බව වාර්තා වේ.

Trending

Exit mobile version