අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු – මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු දෙදෙනෙකු ඇපමත මුදාහැරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධය දැක්වීම හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබුණි.අධිකරණය විසින් ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර තිබේ.