පුවත්

අන්තරේ කැඳවුම්කරුට ඇප

Published

on

ඊයේ කොළඹ පැවති විරෝධතාවයක් අතරතුරදී අත්අඩංගුවට පත් වූ අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන මධුෂාන් චන්ද්‍රජිත් හා බුද්ධික නිමල ප්‍රභාෂ් නම් සබරගමු විශ්ව විද්‍යාලයේ සිසුවෙකු ඇපමත මුදාහැර තිබේ.

සිසුන් විසින් සිදුකළ නීති විරෝධී ක්‍රියා මොනවාද යන්නෙන් විමසූ පැනයට පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද (07) මෙම නියෝග සිදු කළේය.

මොවුන් දෙදෙනාව ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Trending

Exit mobile version