අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ 22 ක් පුරහල ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවක් අද (10) පස්වරුවේ ස්ථාන කිහිපයකින් ආරම්භ කෙරුණු අතර ප්‍රරහල ප්‍රදේශයේදී හා කිරුළපන ප්‍රදේශයේදී විරෝධතා පාගමනට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල විය.
——————————————
(පෙරර් පුවත: 2023 අගෝස්තු 10, ප.ව.05:14)
අන්තරේ පා ගමනට පොලීසියෙන් ජල ප්‍රහාර
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලිසිය විසින් හැව්ලොක් සිටි හිදි සහ පුරහල අසලදී ජල ප්‍රහාර එල්ල කර ඇත.
මෙසේ ප්‍රහාරයට ලක් වූයේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ටවුන්හෝල් හි පැවැත්වීමට සංවිධානය කළ විරෝධතාවයට එක්වීමට හැව්ලොක් සිටි හි විලාසිතා නිවස අසලින් ආරම්භ කළ විරෝධතා පා ගමනට එක්වු සිසු සිසුවියන්ටය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හා නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියෝ ද එයට එක්ව සිටියහ.
කෙසේ වෙතත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම උද්ඝෝෂණයට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය සහ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) පෙරවරුවේ අධිකරණ නියෝග ද නිකුත් කර තිබුණි.
සබැඳි පුවත් :
අන්තරේට අධිකරණ නියෝගයක්