Connect with us

පුවත්

අන්තිම කාලේ කොතලාවල හිටියේ නිවාස අඩස්සියේ අධිකරණයේදී හෙළිවෙයි

Published

on

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතා මිය යෑමට පෙර නීතිඥවරුන් පිරිසක් විසින් නිවාස අඩස්සියේ තබාගෙන සිටි බවට ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (09) පැමිණිලි කළේය.

ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පත් කළ මුදල වෙනුවෙන් තමාට ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නියම කළ මුදල් හෝ ඊට අදාළ පොලිය නොගෙවීම සම්බන්ධයෙන් තැන්පත්කරුවන් පිරිසක් ගොනු කළ මෝසමක් කැඳවූ අවස්ථාවේදී පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිටි ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ සංගමයේ සභාපති ජූඩ් මාකෝ පෙරේරා මේ බව සඳහන් කළේය.

එස්. තුරෙයි රාජා, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම මෝසම සහ ඊට අදාළ පෙත්සම කැඳවන ලදි.

එහිදී පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිටි මාකෝ පෙරේරා මහතා සඳහන් කළේ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතා මිය යෑමට පෙර නීතිඥවරුන් පිරිසක් විසින් සිය නිවෙසේ තබාගෙන සිටි බවට දැන ගැනීමට ඇති බවය. 

ඒ සම්බන්ධයෙන් සහ තමන්ගේ තැන්පතු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීමට අවශ්‍ය බව ඔහු ප්‍රකාශ කළේය.

එහිදී විනිසුරු එස්. තුරෙයි රාජා මහතා සඳහන් කළේ මෙය ශ්‍රේෂ්ඨාධිකරණය බවය.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණ ඕනෑම අයකුට ඕනෑම අවස්ථාවක කරුණු දැක්වීමට අවස්ථාවක් නැති බව ද ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගත යුතු බව ද පෙන්වා දුන් විනිසුරුවරයා අතරමැදි පාර්ශ්වකරුවකු ලෙස කරුණු දැක්වීමට අවසර ලබා ගෙන තිබේ ද යන්න ඔහුගෙන් විමසා සිටියේය.

එලෙස අවසර ලබාගෙන නැති බව ඔහු සඳහන් කළේය. 

ඒ අනුව මෝසමක් ගොනු කිරීමෙන් අනතුරුව කරුණු දක්වන ලෙස විනිසුරු මඬුල්ල එම තැන්පතුකරුට දන්වා සිටියේය.

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ගෝල්ඩන් කී සමාගමේ ලක්ෂ දහයකට වැඩි මුදලක් තැන්පත් කර ඇති තැන්පතුකරුවන්ට තැන්පත් කළ සිය මුදල් සහ ඊට අදාළ පොලිය නොලැබීම සම්බන්ධයෙන් පැමිණිලි කරමින් පාර්ශ්ව කිහිපයක් විසින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබිණි.

 එහි එක් පෙත්සමක් සම්බන්ධයෙන් විභාගයක් සිදු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම සමාගමේ රුපියල් මිලියනයකට වඩා තැන්පත් කළ අයට ඔවුන්ගේ තැන්පතු මුදලින් සියයට 41ක් ගෙවීමට කටයුතු කරන ලෙස මීට පෙර අදාළ බලධාරීන්ට නියම කළේය. 

එහෙත් එම ගෙවීම් හෝ ඊට සම්බන්ධ කිසිදු කටයුත්තක් සිදු වී නැති බවට පැමිණිලි කරමින් අදාළ මෝසම ගොනු කර තිබිණි.

වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා පෙත්සම ලබන වසරේ මැයි මස 8 වැනිදා කැඳවීමට නියම කෙරිණ.

ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇතුළු පිරිසක් ගෝල්ඩන් කී තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ  (21) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය 

Continue Reading

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

Posted by Department of Government Information – Sri Lanka on Monday, April 21, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට

Published

on

By

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින බවය.

කුඹුරු හෙක්ටයාර 1ක් සඳහා රුපියල් 25,000 බැගින් හෙක්ටයාර 2කට යටත්ව පොහොර සහනාධාරය ලබාදෙනු ලැබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved