පුවත්

අනිද්දා ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක්

Published

on

විදුලිබල මණ්ඩලයේ අධිබලැති විදුලි රැහැන් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (19) පැය 18ක කාලයක් පුරාවට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව එදින පෙ.ව. 8.00 සිට ඊට පසුදින (අගෝස්තු 20 වන ඉරිදා) අලුයම 2.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටනු ලබන්නේ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශවලට මෙන්ම, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලටයි.

එමෙන්ම, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල සහ රත්මලාන සහ කටුබැද්ද ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

Trending

Exit mobile version