පුවත්

අනුන්ගේ පාස්පෝට් වලින් රට යන්න ගිහින් කොටු වෙයි

Published

on

වෙනත් අයෙකුගේ ගුවන් බලපත්‍රක් යොදා ගෙන කැනඩාව බලා පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ආගමන විගමන නිලධාරීන් පිරිසක් විසිනි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 34 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

ගමන් බලපත්‍රයෙහි ඇති ජායාරූපය සහ මොහුගේ ජායාරූපය එකිනෙකට වෙනස් බවක් පෙන්නුම් කළ බැවින් මෙම ගමන් බලපත්‍රය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීම සදහා එහි සඳහන් තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය වෙත ඇතුළත් කර තිබේ.

එහිදී හෙළිවී ඇත්තේ මෙම ගමන් බලපත්‍රය සැබෑ ලෙස හිමි තැනැත්තාට එරෙහිව ත්‍රිකුණාමලය අධිකරණය විසින් රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් පනවා ඇති බවයි.

අනුරාධපුර නගරයේ තැරැව්කරුවෙකු විසින්, එම තරුණයාට ගුවන් බලපත්‍රය ලබා දී ඇත්තේ රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් ලබා දෙන පොරොන්දුව මතය.

Trending

Exit mobile version