Connect with us

පුවත්

අනුරගෙන් මෝදිට ඇමතුමක්

Published

on

පුද්ගලයන් 26 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් ඉන්දියාවට අයත් ජම්බු කාශ්මීරයේ පහල්ගම්හි පසුගිය දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත අද (25) දහවල් දුරකථන ඇමතුමක් ලබා දෙමිනි.

විනාඩි පහළොවකට ආසන්න කාලයක් දෙරටේ නායකයෝ දුරකථන සංවාදයේ නිරත වූහ.

මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ දැන ගැනීමෙන් තමා මහත් කම්පාවට පත් වූ බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සෑම විටම ඉන්දියානු ජනතාව සමඟ සහෝදරත්වයෙන් බැඳී සිටින බවද පැවසීය.

එසේම ලොව කොතැනක වුවද ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය තරයේ හෙළා දකින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය පළ කළ ජනාධිපතිවරයා තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

එසේම, මතු වී ඇති තත්ත්වය හේතුවෙන් වර්ධනය වී තිබෙන උණුසුම්කාරී වාතාවරණය ඉක්මනින් පහ වී කලාපීය සාමය තහවුරු වනු දැකීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පුවත්

30ක් රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර

Published

on

By

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා තංගල්ල රෝහලට හා බෙලිඅත්ත හත්බෝධිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

අද (29) උදෑසන එම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Continue Reading

පුවත්

මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයට

Published

on

By

මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නියෝගයකට අනුව හිටපු ජනාධිපතිවරයා මෙලෙස පැමිණ ඇත.

රෝයල් පාක් මිනී මැරුම්  සිද්ධියේ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුට සමාව ප්‍රධානය කර නිදහස් කිරීමට අදාළ පෙත්සමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. 

Continue Reading

පුවත්

මරණ තර්ජන තියෙනවා නම් රට යන්න. නැත්නම් ගෙදරට වෙලා ඉන්න. (වීඩියෝ )

Published

on

By

තමන්ට මරණ තර්ජන ඇත්නම් පරිස්සම් වීමට තමන් දැනගත යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

“තමන්ට මරණ තර්ජන තියෙනවා කියන අයනෙ ඔය හුඟ දෙනෙක්ම මැරිලා තියෙන්නේ. මොනවා හරි ආරවුලකට මැදිවෙච්චි අය. ඒ අය දැන ගන්න ඕන, තමන් පරිස්සම් වෙන්න. ආයුධ තියන් ඉන්න නෙමෙයි. ලංකාවෙන් ගිහිල්ලා හරි නැත්නම් ගෙදරට වෙලා ඉන්න හරි පුළුවන් නෙ”

හිටපු මැතිවරණ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වීඩියෝ – VFM Radio

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved