පුවත්

අනුරගේ අත්සන යෙදූ ව්‍යාජ ලිපියක් ගැන අධිකරණයෙන් නියෝගයක්

Published

on

ජාතික ජනබලවේයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති බව හඟවන ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

ජාතික ජනබලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම දැනුම් දී සිදු කර තිබුණි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම දැනුම්දීම සිදු කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේදිය.

සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය කර ඇති බව කියන මෙම ලිපියේ ජාතික ජනබලවේග රජයක් යටතේ කිසිදු ආගමකට ප්‍රමුඛතාවක් නොමැති බවට හා සියලු ආගම් රජයෙන් වෙන් කරන බවට සඳහන් කර ඇති බව සඳහන්ය.

Trending

Exit mobile version