Connect with us

පුවත්

ලක්ෂ්මන් නිපුණආරච්චිගේ නම ගැසට් කෙරේ (Update)

Published

on

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස අද (23) දින සිට එම ධුරයේ වැඩ බාර ගැනීමත් සමඟ පුරප්පාඩු වූ ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ජාතික ජනබලවේගයේ ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා පත් කළ බවට විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.


(පෙර පුවත 2024 සැප්තැම්බර් 23, ප.ව. 1:48)

පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය ලක්ෂ්මන් නිපුනආරච්චිට (Update)

අභිනව ජනාධිපතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමෙන්තු මන්ත්‍රී ධුරය සඳහා ජාතික ජනබලවේගයේ ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා තොරා පත් කරගෙන තිබේ.

ඒ සඳහා පාර්ලිමෙන්තු මහ ලේකම්තුමියගේ ලිපිය ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කලේය.

පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා අදාළ පත් කිරීම සිදු කිරීමට අවශ්‍ය ගැසට් නිවේදනය පල කිරීම සඳහා කටයුතු සූදානම් කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

සබැඳි පුවත්


(පෙර පුවත 2024 සැප්තැම්බර් 23, ප.ව. 12:47)

ගරු අනුර කුමාර දිසානායක මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි.

කොළඹ මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස එම ධුරය 2024 සැප්තැම්බර් මස 23 වැනි දින සිට භාර ගන්නා ලද හෙයින්, තමා වෙත එවන ලද ලිපියක් මගින් එදින සිට බලපැවැත්වෙන පරිදි තම පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වී ඇති නිසාවෙන් නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (ඇ) ව්‍යවස්ථාව සහ 1988 අංක 35 දරන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පණතින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදු කරන බවද මහ ලේකම්තුමිය සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර සිටී.

පුවත්

ශ්වසන රෝග ව්‍යාප්තිය ඉහළට

Published

on

By

පවතින වැසි තත්ත්වය හමුවේ, ශ්වසන රෝගය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන් කළේ, කුඩා ළමුන්, වයස්ගත පුද්ගලයින්, ගර්භනී මව්වරුන් හා නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවය.

හුස්ම ගැනීමේ අපහසුතා පවතී නම් කඩිනමින්, වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන ලෙස ද සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දෙයි.

Continue Reading

පුවත්

දුම්රිය තාක්ෂණ ශිල්පීන් වැඩ වර්ජනයක

Published

on

By

අතිකාල ගැටලුවක් මුල්කරගනිමින් දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අද (26) පෙරවරුවේ සිට සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අද පෙරවරුවේ 7.00 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් මහතා පැවසුවේය.

සිය ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බව ඔහු සඳහන් කළේය.

Continue Reading

පුවත්

පොලීසියේ ලොක්කෝ 32කට ස්ථාන මාරු

Published

on

By

වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් නව දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකු, ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිස් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත මෙම ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මෙම ස්ථාන මාරුවීම්වලට අනුව මධ්‍යම අපරාධ විමර්ශනයේ කාර්යාංශයේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නිහාල් තල්දූව මහතා මොනරාගල දිසාව භාර නි‍යෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුවීම් ලබා තිබේ.

මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී සිදුකරන නියෝජ්‍ය පොලිස්පති ජේ.ආර්.ඩයස් මහතා එම තනතුරට අමතරව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිව තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා පත් කර ඇති බව සඳහන්ය.

නියෝජ්‍ය පොලිස්පතිරුන් ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරුන්ට අමතරව පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබා ඇති පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

ස්ථානමාරු වීම් සහ පත්කිරීම් සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved