වත්මන් රජය මගින් ප්‍රකාශයට පත්කළ ධීවරයින් උදෙසා වන ඉන්ධන සහනාධාරය මැතිවරණ කොමිසම මගින් අත්හිටුවා තිබේ.
මැතිවරණයෙන් පසුව එම සහනාධාර ලබා දෙන ලෙස දැනුම් දී තිබෙන බව පැවසෙයි
ධීවරයින් සදහා වන ඉන්ධන සහනාධාරය නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව හෙට (01) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි.
මහමැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මෙවැනි සහනාධාර ලබා දීමෙන් සෙසු අපේක්ෂකයන් අගතියට පත්වීම වැළැක්වීම සදහා එය තාවකාලිකව නතර කළ බව මැතිවරණ කොමිසම පවසයි.