Connect with us

පුවත්

අනුරගේ වැඩපිළිවෙලට ආසියානු සංවර්ධන බැංකුවෙත් සහාය

Published

on

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඊයේ (01) සුබ පැතුම් පළ කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වැඩපිළිවෙළ පිළිගන්නා බව සඳහන් කරන ආසියා සංවර්ධන බැංකුවේ සභාපතිවරයා, ශ්‍රී ලංකාව තුළ සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මෙරට ජනතාවට ස්තුතිවන්ත වන බව එහි සඳහන්ය.

වසර ගණනාවක් තිස්සේ ආසියා සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලදී මෙන්ම ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට ස්ථීර හවුල්කරුවකු ලෙස කටයුතු කර ඇති බවද අසකාවා මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ එය වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය ඉවහල් වනු ඇති බව ද එම සුබ පැතුම් පණිවුඩයෙහි සඳහන් කර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකාව සමඟ ඇති සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට කැප වී කටයුතු කරන බව ද, ශ්‍රී ලාංකීය ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීමේ වැඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හැකිවනු ඇති බවද සුබපැතුම් පණිවුඩයෙහි වැඩිදුරටත් සඳහන් වේ.

පුවත්

ඩෑන් මියගියා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Published

on

By

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඊයේ  (22)  රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

ඩෑන් ප්‍රියසාද් මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ රාත්‍රියේ සඳහන් කර සිටියේය.

කෙසේවෙතත් පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ෙසඳහන් කළේ වෙඩි වැදුණු ඩෑන් ප්‍රියසාද්, මියගොස් නොමැති බව සහ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

අනතුරුව අද උදෑසන පොලිස් මාධ්‍ය කොට්ඨාස විසින් තහවුරු කර තිබුණේ වෙඩි වැදී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් මියගොස් ඇති බවය.

වෙඩි ප්‍රහාර දෙකක් ඩෑන් ප්‍රියසාද්ගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ඩෑන් ප්‍රියසාද් මියගොස් නෑ – පොලිසිය (Update)

Published

on

By

අද (22) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වී නැති බව පොලිසිය පවසයි.

අසාධ්‍ය තත්වයෙන් පසුවන ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.

මීට පෙර පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනයක් දැක්වුණේ ඔහු මියගොස් ඇති බවයි.

————-

(පෙර පුවත : 2025/04/22 at 10:40 )

අද (22) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වී ඇත.

අද රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුවී තිබුණු අතර, තුවාල ලැබූ ප්‍රියසාද් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් සුළු තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.

වැල්ලම්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකා මිරර් ප්‍රධාන කර්තෘ ගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

නැසීගිය ජාතික කිරි මණ්ඩලයේ හිටපු කළමනාකරු – එල්.එස්. රොඩ්රිගෝ මහතාගේ ආදරණීය බිරිඳ හා ශ්‍රී ලංකා මිරර් ප්‍රධාන කර්තෘ – කැළුම් ශිවන්ත මහතා ගේ ආදරණීය මෑණියන් වූ පුෂ්පා රංජනී ලියනගේ මහත්මිය අද (අප්‍රේල් 22) අභාවප්‍රාප්ත වී තිබේ.

දේහය හෙට (23) පෙ.ව. 11.00 – ප.ව. 10.30 දක්වාද අප්‍රේල් 24 පෙරවරුවේද කැළණිමුල්ල පිහිටි සුප්‍රීම් රෙස්ට් මල් ශාලාවේ තැන්පත් කෙරේ.

අවසන් කටයුතු අප්‍රේල් 24දා  ප.ව. 3.00ට පිලපිටිය සුසාන භූමියේ ආදාහනාගාරයේදී සිදුකෙරෙනු ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved