ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක දක්ෂ වුණත් තනියම මේ රට හදන්න බැරි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පවසයි.
අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (19) මහරගම පැවැති ජනහමුවක් අමතමිනි.
එහිදී ඇය කියා සිටියේ වසර 75 කම මෙරට ආණ්ඩු බලය ලබා සිටි කිසිවෙකුත් ජාතික ජනබලවේගයට බලය ලැබේයැයි කිසිදිනක නොසිතු බවත් ජනතාව ඒ බලය තම පිරිසට ලබා දුන් බවය.
කෙසේ වෙතත් ජාතික ජනබලවේගය දේශපාලන පක්ෂයක් නොව ජනතාවගේ ව්‍යාපාරයක් බව ඇය අවධාරණය කර සිටියාය.
එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායකට පමණක් රට තනිවම සෑදිමට අමාරු බවත් එයට අවශ්‍ය හොඳ කණ්ඩායමක් මෙවර පාර්ලිමේන්තු යෑවීමට කටයුතු කිරීම ජනතාවගේ වගකිම බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.
තවද මේ වැටිලා තියෙන රට ගොඩ ගැනිමට ශක්තිමත් අමාත්‍ය මණ්ඩලයක් මෙන්ම ප්‍රගතිශිලි පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ඇය කියා සිටියාය.
තවද පාර්ලිමේන්තුවේ 225 ම එපා යැයි පැවසුව ද මේ වන විට බාගෙට බාගයක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ස්වේච්ඡාවෙන් ඉවත්ව සිටින බව ඇය මෙහිදී අවධාරණය කළාය.