Connect with us

පුවත්

අනුරපුර පූජා නගරය රකින්න යුනෙස්කෝවේ මැදිහත් වීම ගැන හරිනි අගයයි

Published

on

මෙරට ඓතිහාසික උරුමයක් වන අනුරාධපුර පූජා නගරය ආරක්ෂා කිරීමට යුනෙස්කෝව මැදිහත්වීම අගය කළ යුතු බවත්, අනුරාධපුරය ශ්‍රී ලංකාවේ පමණක් නොව විශ්වීය උරුමයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ප්‍රංශයේ, යුනෙස්කෝ මූලස්ථානයේ අප්‍රේල් 01 වන දින ’ශ්‍රී ලංකාවේ ලෝක උරුමයක් වූ අනුරාධපුර පූජා නගරය සුරක්ෂිත කිරීම සඳහා ඒකාබද්ධ සහ තිරසාර ප්‍රවේශයක්’ශ මැයෙන් පැවති ජාත්‍යන්තර විශේෂඥ සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.

යුනෙස්කෝව ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වයෙන් සංවිධාන කළ මෙම සමුළුව, සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කමක් ඇති UNESCO ලෝක උරුම අඩවියක් වන අනුරාධපුරය සංරක්ෂණය කිරීමට තිරසර උපායමාර්ග සාකච්ඡා කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසීය.

යුනෙස්කෝව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවට වසර 75ක් සපිරෙන මොහොතක යුනෙස්කෝ ජාත්‍යන්තර සමුළුව අමතන්න ලැබීම සතුටක්. එක්සත් ජාතීන්ගේ, අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය පසුගිය ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙසයි අනුරාධපුරය සංරක්ෂණය කිරීම වෙනුවෙන් වන මෙම සමුළුව පැවැත්වෙන්නේ.

යුනෙස්කෝ සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සහයෝගීතාවය ශක්තිමත් කිරීමටත්, අන්තර් සංස්කෘතික සංවාදය, උරුමයන් සංරක්ෂණය, අධ්‍යාපනය, තිරසාර සංවර්ධනය සහ තාක්‍ෂණික සංවර්ධනය තවත් ඉදිරියට ගෙන යාමටත් මෙම සමුළුව ශක්තියක් ලබා දෙනවා.

අනාගත පරපුර සඳහා සංස්කෘතික උරුමය ආරක්ෂා කර පවත්වාගෙන යාමේ වගකීම ශක්තිමත් කිරීමට ගෝලීය නායකයෙකු ලෙස යුනෙස්කෝවේ සහයෝගය ශ්‍රී ලංකාවට වෙන කවරදාටත් වඩා වැදගත් කාල වකවනුවක අපි සිටින්නේ. සංස්කෘතිය සඳහා පෙර නොවූ විරූ පිළිගැනීමක් ලබා ගැනීම, ගෝලීය සාමය සහ සංවර්ධනය සඳහා දැනුම සහ නවෝත්පාදන උපයෝගී කර ගැනීම, AI භාවිතය සදාචාරාත්මක ලෙස යොදා ගැනීම, තිරසර අධ්‍යාපනය, සමුද්‍ර ජෛව විවිධත්වය සහ සංරක්ෂණය, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් යුනෙස්කෝව ගන්නා ක්‍රියාමාර්ග ඉතා වැදගත් වගේම කාලෝචිතයි.

සංස්කෘතික ත්‍රිකෝණයේ පිහිටා ඇති අනුරාධපුර සහ පොළොන්නරුව රාජධානිවල පැවති ඉතා දියුණු ශිෂ්ටාචාරය සහ සෞන්දර්යය සංරක්ෂණය කිරීමට 1980 ගණන්වල සිට යුනෙස්කෝවේ සහාය ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා.

පටු දේශපාලන වාසි වලට විරුද්ධ සහ ජනතාව බෙදනවට අකමැති මිනිසුන් තමයි මේ ජාතික උරුමයන් ආරක්ෂා කරන්න කැපවී කටයුතු කළේ. අපේ රජය ජාතිවාදය ප්‍රතික්ෂේප කරනවා. රජය උත්සාහ කරන්නේ සියලු දෙනාට සමාන අයිතිවාසිකම් හිමිවන සියලු දෙනා එකතු කරගත් සමාජයක් ගොඩනගන්න.

ඉදිරියේදී ශ්‍රී ලංකාව, අනුරාධපුරය, යාපනය සහ මහනුවර නගර තුනක් ජාතික උරුම නගර ලෙස සංවර්ධනය කිරීමට අපේ රජය සැලසුම් කර තිබෙනවා.

මෙහිදී මියන්මාරයේ සහ තායිලන්තයේ සිදුව ඇති ව්‍යසනය සම්බන්ධයෙන් රජයට සහ ජනතාවට ශ්‍රී ලංකාවේ බලවත් ශෝකය ප්‍රකාශකරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ, ශ්‍රී ලංකාවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුලු ශ්‍රී ලංකා නියෝජිතයන් පිරිසක් සහ ජාත්‍යන්තර විශේෂඥයින් පිරිසක් මෙම සමුළුවට සහභාගි වූහ.

(අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය)

පුවත්

පළාත් පාලන ආයතන සභික නම් ඇතුළත් ගැසට්ටුව අද

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සහිකයින්ගේ නම් වලින් කොටසක් අද (23) දිනයේ ගැසට් මගින් පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

පළාත් පාලන කොට්ඨාස ජයගත් සියලු සභිකයින්ගේ නම් එහිදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා සඳහන් කළේය.

එසේම ලැයිස්තුවලින් තේරී පත්වූ සභිකයින්ගේ නම් මෙතෙක් භාර නොදුන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට එම නම් කඩිනමින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට භාර දීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දී තිබේ.

Continue Reading

පුවත්

ජල ගාස්තු ගැන ඇමති කතා කරයි

Published

on

By

විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව විෂය භාර අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

අද (23) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා කියා සිටියේ, ජල ගාස්තු වැඩි කිරීමක් සම්බන්ධයෙන් කිසිඳු සාකච්ඡාවක් අමාත්‍යාංශ මට්ටමෙන් මේ වන විට සිදු නොවන බවය.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අනුර කරුණාතිලක මහතා,

“ ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවක් අමාත්‍යාංශ මට්ටමෙන් මේ වෙනකොට සිද්ධ වෙන්නෙ නැහැ. අපිට එහෙම ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ”

Continue Reading

පුවත්

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වැල්ලවත්ත – හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක ළඟ තිබී රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිටියදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය අඟහරුවාදා මෙම ගිනිඅවිය හමුවූ අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලට අදාළව අනාවරණය කරුණු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved