පුවත්

අනුරපුර පොලිසිය අර්චුනා වෙනුවට ලෝචනාව නඩුවක පටලවලා!

Published

on

රියැදුරු බල­ප­ත්‍ර­යක් මෙන්ම ජාතික හැඳු­නු­ම්ප­තක් ද නොමැ­තිව යාප­නයේ සිට කොළඹ බලා මෝටර් රථ­යක් පද­ව­මින් සිටි­යදී පොලිස් රථ වාහන අංශයේ නිල­ධා­රීන්ගේ රාජ­කා­රි­යට බාධා කර සාප­රාධී බල­හ­ත්කා­රය කළැයි කියන සිද්ධියේ සැක­කරු තමා බව පව­ස­මින් යාප­නය දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී වෛද්‍ය රාම­නා­දන් අර්චුනා මහතා අනු­රා­ධ­පුර ප්‍ර‍ධාන මහේ­ස්ත්‍රාත් නාලක සංජීව ජය­සූ­රිය මහතා ඉදි­රියේ ඊයේ (22) මෝස­මක් ඉදි­රි­පත් කර­මින් පෙනී සිටි­යේය.

මෙම සිද්ධි­යට අදා­ළව පොලී­සිය අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර ඇත්තේ රාම­නා­දන් ලෝචනා නමැ­ත්තකු පිළි­බ­ඳව මිස රාම­නා­දන් අර්චුනා නමැ­ත්තෙකු සම්බ­න්ධ­යෙන් නොවන නිසා මෙම නඩුවේ සැක­කරු ලෙස ඔහු පිළි­ගැ­නීම අනු­රා­ධ­පුර ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙහිදී තරයේ ප්‍රති­ක්ෂේප කළේය.

මෙම නඩුවේ සැක­කරු ලෙස සිය ජාතික හැඳු­නු­ම්ප­තද සමඟ රාම­නා­දන් අර්චුනා නමැත්තා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත්ව සිටි­යත් පොලී­සිය අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ වාර්තා­වල එවැ­න්නෙක් ගැන සඳ­හන්ව නොමැති බැවින් තමාට එය පිළි­ගත නොහැකි බව ද මෙහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා සඳ­හන් කළේය.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොලී­සිය සිය මුල් බී වාර්තාව මඟින් කරුණු දක්ව­මින් සැක­ක­රුගේ නම ලෙස සඳ­හන් කර ඇත්තේ අර්චුනා ලෝචනා යනු­වෙන් බවත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් වන සැක­ක­රුගේ නම සහ මුල් බී වාර්තාව මඟින් සඳ­හන් කර ඇති සැක­ක­රුගේ නම අතර පැහැ­දිලි පර­ස්ප­ර­තා­ව­යක් තිබෙන බවත් ප්‍රකාශ කළ ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රයා රාම­නා­දන් අර්චුනා යන අය මෙම නඩුවේ සැක­කරු ලෙස පිළි­ගැ­නීම ප්‍රති­ක්ෂේප කරන බව ප්‍ර‍කාශ කළේය.

ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙසේ නියෝග කළේ අනු­රා­ධ­පුර කොට්ඨාස රථ වාහන අංශයේ නිල­ධා­රීන්ගේ රාජ­කා­රි­යට බාධා කර සාප­රාධී බල­හ­ත්කා­රය පා තර්ජ­නය කිරීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් අනු­රා­ධ­පුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ පව­තින නඩු­ව­කට සැක­කාර පාර්ලි­මේන්තු මන්ත්‍රී වෛද්‍ය රාම­නා­දන් අර්චුනා යන අය නීතිඥ සුනන්ද තෙන්න­කෝන් මහතා මාර්ග­යෙන් මෝස­මක් මඟින් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් වූ අව­ස්ථා­වේ­දීය.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් පොලී­සිය පෙරේදා (21) අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර­මින් ඉල්ලා සිටියේ පාර්ලි­මේන්තු මන්ත්‍රී රාම­නා­දන් ලෝචනා යන අයට අධි­ක­ර­ණයේ පෙනී සිටින ලෙසට නියෝග කර­මින් නොතීසි නිකුත් කරන ලෙසයි.

එහිදී එම ඉල්ලීම ප්‍රති­ක්ෂේප කර­මින් අධි­ක­ර­ණය පොලී­සි­යට දැනුම් දුන්නේ සැක­කරු සිදු­කර ඇති බව කියන වැරදි සම්බ­න්ධ­යෙන් චෝදනා පත්‍ර­යක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් නොක­රන අව­ස්ථා­වක නොතීසි නිකුත් කිරී­මට හැකි­යා­වක් නොමැති බවයි.

මූලාශ්‍රය – දිනමිණ

Trending

Exit mobile version