පුවත්

අනුරාධපුර පූජා නගරයේ කතකගේ මළ සිරුරක්!

Published

on

අනුරාධපුර පූජා නගරය ආසන්න හාල්පානු ඇළේ තිබි කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.

අනුරාධපුර කොහොඹ ගස් හංදිය ප්‍රදේශය හරහා ගලාබසින හාල්පානු ඇළේ තිබූ එම කාන්තා මළ සිරුර දින පහක් පමණ පරණ වන බවත් එම කාන්තාවගේ සිරුර මේ වන විට දිය වෙමින් තිබූ බවත් පොලිසිය පැවසීය.

එම කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නැති අතර මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

මෙම ප්‍රදේශයේ දැඩි දුගඳක් පැවතීම හේතුවෙන් එම හාල්පානු ඇළ ප්‍රදේශයේ වගා කටයුතුවල නියුතු ගොවි මහතෙකු විසින් විපරම් කරඇති අතර එහිදී මෙම මළ සිරුර දැක තිබුණි.

අනතුරුව එම ගොවි මහතා ප්‍රදේශවාසීන් ද දැනුවත් කර මේ පිළිබඳව අනුරාධපුර පොලිසිය දැනුවත් කර ඇත.

Trending

Exit mobile version