පුවත්

අනුරාධපුර රෝහල් සිද්ධියේ සැකකරු  රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

Published

on

වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පැය 48ක් රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබා දී තිබේ.

ඒ, ඔහු  අද (12) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා එම නියෝගය ලබාදී තිබුණි.

සැකකරුගේ සහෝදරියද මෙම සැකකරුට රැකවරණය ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා ජංගම දුරකථන සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  අධිකරණය නියෝග කලේය.

Trending

Exit mobile version