මිනිසකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වැටුපක් මාධ්‍යවේදීන්ටත් ලබාදීමට කටයුතු කරන්නැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අද රටේ මාධ්‍යවේදීන් ඉන්නේ බොහෝ දුෂ්කර ආර්ථික තත්ත්වයක බවද රූපවාහිනී වල මෙන්ම පත්තර කාර්යාලවල ලැබෙන දීමනා ප්‍රමාණවත් නැතැයි දිසානායක ඔහු ප්‍රකාශ කළේය.
අද (08) ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැයශීර්ෂ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් අනුර දිසානායක මේ බව සඳහන් කර සිටියේය.
සමාජයට බොහෝ පණිවිඩයක් ගෙන යන මාධ්‍ය ආයතන වැසී ගියොත් තොරතුරු ගලායාමේ අන්ධකාරයක් ඇතිවෙන බව පැවසූ මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් මුහුණපාන ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් විමසා බැලිය යුතු බව සඳහන් කළේය.
මාධ්‍යවේදීන් වෙනුවෙන් විවිධ ආණ්ඩු නිවාස ,සහන ණය,රක්ෂණ ආදී විවිධ වැඩසටහන් ආරම්භ කළ නමුත් ඒ සියල්ල නතර වී තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.