ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනහමුවක් වෙනුවෙන් අද (13 ) අලුයම එක්සත් රාජධානියේ ලන්ඩන් නගරය වෙත ගොස් තිබේ.
එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ Heathrow ගුවන්තොටුපලට ළගා වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් පිළිගන්නා ලදී.
අනුර දිසානායක මහතා විසින් එළඹෙන සෙනසුරාදා (15 ) වැනිදා පස්වරුවේ Crystal Grand, 3 Bath Rd හිදී පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුව ආමන්ත්‍රණය කිරීමට නියමිතය.