Connect with us

පුවත්

අනුර ගැන විශ්වාසයක් තියෙනවා

Published

on

නිරහංකාර සරළ ගති ඇති ගැමි පුද්ගලයෙකු වශයෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක, පාස්කු ඉදිරි ප්‍රහාරය සම්බන්ධයෙන් නිවැරදි විමර්ශනයක් සිදු කරාවි යැයි විශ්වාස කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල විසින් නිකුත් කල වාර්තාව පිළිබඳ අද (22) කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අදහස් පල කරමිනි.

උන්වහන්සේ කියා සිටියේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය සාධාරණයක් අවශ්‍ය බවත් එයට පක්ෂයවත් පුද්ගලයාවත් වැදගත් නැති බවය.

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කර දෙන ලෙස අප වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් ඔහුත් අප වෙත කියා සිටියේ කාලයේ වැලිකතාවේ මෙහි සත්‍ය සගවන්නට ඉඩ නොදෙන බවය.

එම පොරොන්දු ඉටු කරවීයැයි අප විශ්වාස කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියහ.

උදය ගම්මන්පිල විසින් රගපෑමන් සිදු කර ඇති බවත් ඔහු ගැන කනගාටුවන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියහ.

තමන්ට අමතර ආරකෂාවක් අවශ්‍ය නොවන බවත් අපේ ආරක්ෂාව උඩ සිටින අය විසින් සිදු කරන බවත් අපි ඉතා සාමාන්‍ය ජිවිතයක් ගත කර අය බව උන්වහන්සේ කියා සිටියහ.

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved