පුවත්

අනුර ජනාධිපති වුනා කියලා මේ ආර්ථිකයේ මැජික් කරන්න බැහැ

Published

on

තම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති බවට පත් වුවද රටේ වත්මන් තත්ත්වය අනික් පස පෙරළවිය නොහැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

ඒ සඳහා කලක් ගත වන බවත්, ගෙදර ආර්ථිකය අරපරිස්සමින් කළමණාකරණය කර ගත යුතු බවත් ඔහු සඳහන් කලේය.

ඔහු මෙම අදහස් පල කළේ, පසුගියදා පැවැති ජන රැලියක දී අදහස් දක්වමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“දැන් සමහර වෙලාවට හිතෙනවා, යූ.ඇන්.පී එකටත් බැරිවුණා. පොදු පෙරමුණටත් බැරි වුණා. මාලිමාව ඇවිත් කොහොමද මේක ගොඩ ගන්නෙ. හැමෝටම බැරි වුණා නම් ඔක්කොටම බෑ තමයි කියලා හිතෙනවා.

අනුර දිසානායක සහෝදරයා ජනාධිපති වුණා කියලා, විශ්වර්කම බලයෙන්, මැජික් බලයෙන් මේක අනික් පැත්ත හරවන්න ක්‍රමයක් නැහැ.

අමාරුවෙන් කැපවීමක් කරලා, කිරි තේ එක වෙනුවට කහට එක බිලා, අනවශ්‍ය වියදම් කපා හැරලා, පරිස්සමෙන් පොඩි කාලයක් ගෙදර ආර්ථිකය පරිස්සමින් කළමණාකරණය කර ගත්තොත්, අපි ඒක කරමු.”

Trending

Exit mobile version