ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ත්සුගෙ යොෂිෆුමි මහතා මුණගැසී සාකච්ඡා පවත්වා ඇත.
දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික සබඳතාවල ඉදිරි පියවර පිළිබඳ එහිදී සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන තත්ත්වය, දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික සබඳතාවල ඉදිරි පියවර පිළිබඳ ද එහිදී සාකච්ඡා කර ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
එම සාකච්ඡාව සඳහා අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නිරිතදිග ආසියානු අධ්‍යක්ෂ, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇතුළු නියෝජිතයින් පිරිසක් ද එක්ව ඇත.