සමගි ජන බලවේගයේ සහ ජාතික ජනබලවේගයේ නායකයන් සමග තමා ප්‍රසිද්ධ වීඩියෝ සාකච්ඡාවකට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එම සාකච්ඡාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන ඇති එකඟතාවන් වෙනස් කිරීම පිළිබඳ මූලික වනු ඇති බව ඔහු සඳහන් කළේය.
ජනධිපතිවරයා මෙම අදහස් පල කළේ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනය අමතමිනි.
තම ආර්ථික ප්‍රතිපත්තීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවන් පිළිබඳව මෙම නායකයන් දෙපළටම ප්‍රසිද්දියේ තම තර්ක ඉදිපත් කිරීමට එහිදී අවස්ථාව සැලසෙන බවත් පසුව එම සාකච්ඡාව මුළු රටටම නැරඹීමට හැකිවන පරිද්දෙන් ප්‍රසිද්ධ කරන බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.