පුවත්

අපට දිගටම නිවන් සුව ප්‍රාර්ථනා කරන්න – එස්.එම්.ගෙන් ඉල්ලීමක්

Published

on

“ජනතාවට පුළුවන් තරම් කියන්නේ අපිට නිවන් සුව ප්‍රර්ථනා කරන්න කියලා” යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන පැවසීය.

සමාජ මාධ්‍ය හරහා තමා ඇතුළු දේශපාලඥයන්ට නිවන් සුව ප්‍රර්ථනා කිරීම කිසිම මොහොතක නතර කරන්න යැයි නොපවසන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පෙරේදා (24 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් හෙතෙම මෙසේද කීය.

“ගෙවල් ගිනි තියන්න සෙට් වුණේ සමාජ මාධ්‍යවලින්. මම දැක්කා චන්ද්‍රසේනගේ නිවස ගිනි තියන්න හය වෙනකොට අනුරාධපුර බස් නැවතුම්පොළට එකතු වෙන්න ඕන කියලා දාලා තිබුණා. ඒ වගේම 7 වෙනකොට යන්න ඕන කිව්වා. ඒ දවස්වල සමාජ මාධ්‍ය තුළ තිබුණේම නිවන් සුව කියලමයි. ඒ වගේම නාකි මයිනා කියලා පෝස්ට් දැම්මා. ඒ වගේ අසෝබන විදියටනේ මේක භාවිත කරන්නේ.’’

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version