මෙරට පොලීසියට අවශ්‍යව සිටින අපරාධකරුවන් 13 දෙනෙකු ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට පත් ව තිබේ.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, ඔවුන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය සමග ඒකාබද්ධව ඉදිරි විමර්ශන සිදු කරන බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් එම කටයුතු මෙහෙයවන බව ද ඔහු කියා සිටියේ ය.