පුවත්

අප්‍රිකානු රටවල් 2ක් හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කරන්න යයි

Published

on

අප්‍රිකානු කලාපයේ තවත් ටවල් 2ක් හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමට විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකට අනුමැතිය හිමිවී තිබේ.

එසේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත්තේ අප්‍රිකානු දූපත් සමූහයක් වන කොමරෝස් සංගමය සමග හා ගිනියා බොක්කේ පිහිටි අප්‍රිකානු දූපතක් වන සාඕ ටොමේ හා ප්‍රින්සිපේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සමගය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගත් ස්වෛරී රාජ්‍ය 54ක් අප්‍රිකානු කලාපය තුළ පවතියි. ඒ අතරින් රටවල් 46ක් සමග ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා ගෙන ඇති අතර, තවත් රටවල් 6කින් එකඟතාව අපේක්ෂාවෙන් සිටියි.

Trending

Exit mobile version