පුවත්

අප්‍රේල් මුල මෝදි ලංකාවට?

Published

on

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එළඹෙන අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව අප්‍රේල් මාසයේ මුල් සති දෙක ඇතුළත ඔහු දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හට මෙරට සංචාරයක නිරතවන ලෙස ආරාධනා කර තිබුණි.

එම සංචාරයේ දී ආර්ථික සබඳතා ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු වනු ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ අතර ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද පසුගිය ජනවාරියේ නිවේදනය කර තිබුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෙරට සංචාරයක නිරතවන බවය.

එහෙත් ඒ පිළිබඳ නිශ්චිත දිනයක් සඳහන් කර නොතිබුණි.

Trending

Exit mobile version