Connect with us

පුවත්

“අපිට ඕන වෙලාවට සල්ලි අච්චු ගහනවා”

Published

on

ජාතික ජනබලවේගය ආණ්ඩුවට අවශ්‍ය මොහොතේදී මුදල් අච්චු ගසන බවත් ණය ගන්නා බවත් මෙවර මහමැතිවරණයේ ජාතික ජනබලවේගය පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

බදුල්ල වීල්ස් පාර්ක් පිටියේ පසුගිය 03 වනදා පැවති ජන රැළිය අමතමින් ඔහු සඳහන් කළේ මෙරට අවශ්‍යතාවය අනුව අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව මුදල් අච්චු ගැසිම හා ණය ගැනීම සිදු කළ යුතු බවය.

ජාතික ජනබලවේගය රජයක් යටතේ එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බවත් ගෝඨාභය පාලනය යටතේ රුපියල් කෝටි ලක්ෂයක මුදලක් මුද්‍රණය කළ බවත් විද්‍යාරත්න මහතා පෙන්වා දෙයි.

කෙසේවෙතත් ජනාධිපතිවරණයට පෙර ජාතික ජනබලවේගය පක්ෂය මැතිවරණ වේදිකාවලදී මෙන්ම දේශපාලන සාකච්ඡාවලදී ප්‍රශ්න කර සිටියේ මුදල් අච්චු ගැසීමට මෙන්ම හිතුමනාපයට ණය ගැනීමට ආණ්ඩුවක් වුවමනාද යන්නය.

පුවත්

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ

Published

on

By

ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර මංගල්‍යය අද(10) රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය.

දින 14 ක් පුරා පැවති පෙරහර ගමන් මාර්ගය වෙනස් කරමින් සෙත් පිරිත් සජ්ජඣායානා මධ්‍යයේ ආරම්භ වන පෙරහර දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ දේවාල මලුව මධ්‍යයෙන් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව, පිට වීථිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගෙවදීමට නියමිතය.

එහි පුද සිරිත් නිම කර ප්‍රධාන වීථිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහ දේවාලය වෙත ගෙවදීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.

දිය කැපීම හෙට(11) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය සිදු කෙරේ.

Continue Reading

පුවත්

ආනයනික කිරිපිටි මිල ඉහළට

Published

on

By

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමූ බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
 
මීට පෙර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල සඳහන් වූයේ රුපියල් 1,100.00 ක් ලෙසය.
 
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 1,200.00කි

Continue Reading

පුවත්

හෝමාගම මාර්ගයකින් තරුණයෙකුගේ මළසිරුරක් හමුවේ

Published

on

By

වෙනත් ස්ථානයකදී ඝාතනය කර ගෙනවිත් දමා ඇති බවට සැක කළහැකි තරුණයෙකුගේ මළසිරුරක් හෝමාගම විකල්ප මාර්ගයේ තිබී හමුව තිබේ.

පොලීසිය පැවසුවේ අද (10) උදෑසන මෙම මළ සිරුර හමු වූ බවය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ වන බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, ඔහුගේ හිසට ආයුධයකින් පහරක් එල්ල කර ඇති බවට සැක කළහැකි ආකාරයේ තුවාලයක් දකින්නට ලැබෙන අතර ගෙල ඉදිමි ඇති තත්ත්වයක් දකින්නට ලැබෙන බවත් එමෙන්ම ගෙල ආසන්නේ ලේ පැල්ලමක් ද දක්නට ඇති බවත්ය.

මෙතෙක් විවෘත කර නොමැති අදාළ විකල්ප මාර්ගය රාත්‍රී කාලයේදී දැඩි අඳුරු සහගත බවක් පවතින බව වාර්තා වේ.

පොලීසිය සැකපල කරන්නේ මෙම තරුණයාව වෙනත් ස්ථානයකදී ඝාතනය කර ඔහුගේ සිරුර රථයකින් රැගෙන විත් මෙම ස්ථානයට දමා යන්නට ඇති බවටය.

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් මූලික පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර හෝමාගම මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved