පුවත්

“අපි ඉන්න විදිය තීරණය කරන්නේ අපේ විධායක සභාව ” – යාචකයන්ගේ සංගමය

Published

on

මෙවර ඇසළ පෙරහර සමයේ මහනුර නගරයේ රැඳී සිටින්නේ කෙසේ දැයි තම සංගමයේ විධායක සභාව ගන්නා තීරණය අනුව කටයුතු කරන බවට මහනුවර යාචකයන්ගේ සංගමය පවසා තිබේ.

මහනුවර නාගරික කොමසාරින් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය විසින් ඇසළ පෙරහර කමිටු රැස්වීමේදි පවසා තිබෙන්නේ එලෙස ගනු ලබන තීරණය ඔවුන් විසින් දැනුම් දෙන බවට පැවසු බවය.

මහනුවර මහ නගර සභාව ඇතුළත මහා පෙරහර සංවිධානය කටයුතු සඳහා සකසා ඇති වැඩපිළිවල සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදි ඇය මේ බව පවසා තිබේ.

මහනුවර දිසා ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ සම්බන්ධීකරණයෙන් අතිපූජ්‍ය මල්වතු – අස්ගිරි අනු නාහිමිවරුන්ගේ මුලසුනින් ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් සිව් දේවාලවල බස්නායක නිලමේවරුන් සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නිලදාරීන්ගේ සහයෙන් ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේදි මෙම සාකච්ඡාව පවත්වා තිබුණි.

Trending

Exit mobile version