පුවත්

“අපි ඔක්කොම හොරු” – වෙල්ගම

Published

on

නව ලංකා පෙරමුණෙන් හොඳ මහත්මයෙකු ලබන ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් පැවසූයේ එසේ  වුවහොත් ඊළඟ ජනාධිපතිවරයා කළුතර දිස්ත්‍රික්කයෙන් පත්වනු ඇති බවය.

පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් මන්ත්‍රී වෙල්ගම මහතා සඳහන් කලේ,

“අපි ඔක්කොම හොරු. ඒක කියන්න ඕනෑ. කාටවත් සුදනා කියන්න බැහැ. මේ ඔක්කොම මාටියා පාර ගහලා තියෙනවා ”  ලෙසිනි.

ඒ නිසා හොරුන් සමඟ එකතු වී සෙල්ලම් කරන්න එපා යැයි ඉල්ලා සිටින බවද පැවසූ මන්ත්‍රීවරයා විසින් රට පාලනය කරන්න ඉදිරිපත් කරනවා නම් හොරුන් ගාව ගන්න එපා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බවද පවසන ලදී. 

Trending

Exit mobile version