Connect with us

පුවත්

අපි ටොයිලට් හදලා කරන්න ගියේ සත්කාරයක්  (වීඩියෝ)

Published

on

තමා ‘සිරි දළදා දැක්ම’ ධාතු ප්‍රදර්ශනය ඉලක්ක කර ගනිමින් මුදල් එකතු කර ගැනීමක් සිදු නොකළ බවත්, වැසිකිළි පහසුකම් සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම United Global Sri Lankan Organization සංගමය විසින් කරගෙන යනු ලැබූ සත්කාරයක් බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලක්සිරි මහතා පවසයි.

එල්ල වූ චෝදනා සම්බන්ධව පැමිණිලි කිරීමට අද (07)  CIDයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කලේය.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

” මගෙන් විමසුවේ නෑ. ඒක පාර්ශ්වික විදිහට මේ මාධ්‍යට මුදා හැරියේ ‘සුදා පල් හොරෙක්’ කියලා. එතකොට දිගටම මේකට මට විරුද්ධව තනි පුද්ගලයෙක්ව එල්ල කරගෙන මඩ ප්‍රහාරය යනවා. United Global Sri Lankan Organization කියන්නේ සංගමයක්. දළඳා වහන්සේ ඉලක්ක කරගෙන අපි මුදල් එකතු කරන්න ගියේ නෑ. මේක අපේ සංගමය විසින් කරන්නා ගිය සත්කාරයක්. ටොයිලට් 50ක් 144,000කට වැසිකිළි පහසුමක් හදලා දෙන්න තමයි අපේ උත්සහය තිබ්බේ. මේක තනි නිර්මාණයක් නෙවෙයි මේක ඒ කමිටුත් එක්ක නුවර ප්‍රදේශයේ භාර දිසාපතිවරයා, ප්‍රදේශය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, මාළිගාවේ නියෝජිතයෙක්, නගර සභාවේ ඉංජිනේරුවරු ඒ ඔක්කොම මහත්වරු ඇවිල්ලා නියෝජිතයෝ ගිහිල්ලා සාකච්ඡා කරලා ඒ සඳහා නිර්මාණය වූවක් මිස මේ සුදත්ත තිලකසිරිගේ තනි නිර්මාණයක්, තනි වැඩක් නෙවෙයි…

මේකේ එකම පුද්ගලයා සුදත්ත තිලකසිරි විතරක් අරගෙන හැම කැබිනට් මාධ්‍ය ප්‍රකාශ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී එක එක පුද්ගලයෝ ප්ලාන්ට් කරනවා “සුදාට විරුද්ධව ගහපං සුදාට විරුද්ධව ගහපං, ඇයි මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලන්නේ නැත්තේ” කියලා…

එදා ඒ CID එකට ඉරාජ් කියන පුද්ගලයව ගෙන්නුවේ කලින් මට මඩ ගහපු එකකට කට උත්තර ගන්න. හැබැයි ඔහු මාධ්‍යට කිව්වේ මේ සුදා හොරකම් කරලා තියෙන වංචාව සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා විතරයි. සුදා කියන පුද්ගලයට සත පහක්වත් කාගෙන්වත් ගන්න වුවමනාවක් නෑ. මට රටේ ලෝකේ මිනිස්සු ඉන්නවා 

හෙට කිව්වොත් ලක්ෂ 50ක් ඕනේ කියලා මිනිස්සු ස්වෙච්ඡාවෙන් මට දෙනවා. ඒ නිසා මම එහෙම හිඟන්නෙක් නෙවෙයි.”

සුදත්ත තිලකසිරි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…..! මම කිසිම වංචාවක් කරලා නෑ! මට මාධ්‍යයෙන් මඩ ගහනවා..

Posted by Webnews.lk on Monday, April 7, 2025

සබැඳි පුවත්

පුවත්

පුංචි ආණ්ඩු 46ක කතා නියෝජනයට කේස්

Published

on

By

පළාත් පාලන මැතිවරණය පවත්වන ලද පළාත් පාලන ආයතන 339 න් ආයතන 46 ක සියයට 25 ක කාන්තා නියෝජනය අසම්පූර්ණ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියයි.

පළාත් පාලන ආයතන සඳහා සියයට 25 ක කාන්තා නියෝජනය අනුව කාන්තා සභිකයින් 1,957 දෙනකු සිටිය යුතු වූවත්, සිටින්නේ 1,881 ක් පමණක් බවද ඔහු කියා සිටී. 

මෙම තත්වය මත කාන්තා නියෝජනය සම්පූර්ණ කර ගැනීමේ හැකියාවක් නැති බවද ඔහු අවධාරණය කරයි. 

උදාහරණයක් ලෙස පානදුර නගර සභාවේ කාන්තා සභිකයින් සිව් දෙනකු (04) සිටිය යුතු වුවත්, එහි සිටින්නේ එක් කාන්තා සභිකයෙකු පමණක් යැයි ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

යම්කිසි දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 20 කට අඩු ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීම මෙන්ම, ඔවුන්ගෙන් තේරී පත්වන මන්ත්‍රි ධුර සංඛ්‍යාව එකක් හෝ දෙකක් වීම කාන්තා නියෝජනය පත් කිරීමේ දී ගැටලු තත්ත්වයක් උද්ගත වන බවද ඔහු පෙන්වා දෙයි.

 මෙලෙස තේරී පත්වන මන්ත්‍රී ධූර එක හෝ දෙක සඳහා කාන්තාවන් නම් කරන ලෙස දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට නියම කිරීමේ බලයක් මැතිවරණ කොමිෂන් සභාවට නොමැති බව ද ඔහු පෙන්වා දී තිබේ.

කෙසේනමුත්, කාන්තා නියෝජනය සියයට 25 ක් වන පරිදි කාන්තා නියෝජනය නම්කරන ලෙස ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට දැනුම්දී ඇතැයි ද ඔහු මදහන් කර ඇත. 

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී තේරී පත්ව සිටින සමස්ත සභික සංඛ්‍යාවව 8,803 කි.

Continue Reading

පුවත්

මහාධිකරණ විනිසුරුවන්ගේ වත්කම් බැරකම් ඉල්ලයි

Published

on

By

දූෂණ විරෝධී පනතේ විධිවිධාන ප්‍රකාරව වත්කම් හා බැරකම් ඉදිරිපත් කරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සියලුම මහාධිකරණ විනිසුරුවරුන් වෙත දැනුම් දී තිබේ.

2025 වර්ෂයට අදාළව තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වන නිලධාරීන් උදෙසා නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව සඳහන් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යොමු කරන ලද ලිපියකට අනුව, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එච්. සංජීව සෝමරත්න මහාධිකරණ විනිසුරුවන් වෙත එම දැනුම්දීම කර තිබේ. 

නියමිත දින, නියමිත ආකෘති ප්‍රකාරව සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවත්, එසේ ඉදිරිපත් කිරීමට අපොහොසත් වන තැනැත්තන්ගේ නාම ලේඛනයක් අදාළ දිනට පසු දිනම ආයතන ප්‍රධානීන් අල්ලස් කොමිසම වෙත යොමු කළ යුතු බවත්, එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයාට දැනුම් දී තිබේ.

2025 ජුනි 30 දිනට වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දුන් හා නොදුන් නිලධාරීන්ගේ නම් ඇතුළත් නාමලේඛනය 2025 ජුලි 01 වැනිදා දින පස්වරු 1 ට පෙර අල්ලස් කොමිසමේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අංශය වෙත පැමිණ හෝ විද්‍යුත් තැපෑල මගින් හෝ ෆැක්ස් මගින් හෝ ලබාදීමට ආයතන ප්‍රධානියා කටයුතු කළ යුතුය යනුවෙන් ද අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යොමු කරන ලද ලිපියේ සඳහන් වේ. 

දූෂණ විරෝධී පනත ප්‍රකාරව මහාධිකරණ විනිසුරුවරුන් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය මගින් ද මීට ඉහත දී අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබිණි.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මහාධිකරණ විනිසුරුවරුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ භාරගත යුතු තැනැත්තා වශයෙන් ජනාධිපතිවරයා සඳහන් කර ඇති බැවින් 2025 මාර්තු 31 දින වන විට සේවයේ නියුතු මහාධිකරණ විනිසුරුවරුන්ගේ, එදින වන විට පැවැති වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිසමේ වෙබ් අඩවියේ දක්වා ඇති ඩිජිටල් ආකෘතිය පුරවා 2025 ජුනි 30 දින හෝ ඊට පෙර ජනාධිපති කාර්යාලය වෙත එවීමට කටයුතු කරන මෙන් මහාධිකරණ විනිසුරුවරුන් දැනුවත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජී. පී. එච්. එම්. කුමාරසිංහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත අදාළ ලිපිය යොමුකර තිබිණි.

Continue Reading

පුවත්

පුංචි ආණ්ඩු හදන්න ආණ්ඩුව, මුස්ලිම් කොංග්‍රසය හා දමිළ ප්‍රගතිශීලී සන්ධානය අතර රහස් කතා

Published

on

By

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් කිසිදු කණ්ඩායමක් බහුතර බලය නොලැබූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව මැදිහත් වී දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්තා වේ.

පළාත් පාලන ආයතනවල ප්‍රධාන පක්ෂවල සභිකයන්, ස්වාධීන කණ්ඩායම් සහ වාමාංශික මතධාරී වෙනස් දේශපාලන පක්ෂ සංවිධානවල සහාය ලබාගෙන විපක්ෂයේ කණ්ඩායම්වලට වැඩි බහුතර බලයක් ඇති සභාවල බලය පිහිටුවීම සඳහා සැලසුම් සකස් කරමින් ඇත. 

විශේෂයෙන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සමඟ සාකච්ඡා නොකළත් තේරී පත්වූ සභිකයන් සමඟ ආණ්ඩුවේ ප්‍රාදේශීය නායකයන් මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

ඒ එම සභිකයන්ගේ සහාය ස්වාධීනව ලබා ගැනීම සඳහාය. ඊට අමතරව ස්වාධීන කණ්ඩායම් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කීරීමටත් එසේම ජවිපෙ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ සාකච්ඡා කිරීමටත් අවස්ථාව ලබා දී තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන මුස්ලිම් කොංග්‍රසය සහ මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දමිළ ප්‍රගතිශීලී සන්ධානය සමඟ තිරය පිටුපස රහසිගත සාකච්ඡා ඇතිවෙමින් පවතින බව සඳහන් වේ.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved