සජිත් ප්‍රේමදාස මහතාගේ රජයක් යටතේ සෑම ගොවියෙකුටම තුවක්කුවක් ලබා දෙන බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
ඔහු පවසන්නේ මෙරට නිෂ්පාදනවලින් 30%කට වැඩි ප්‍රමාණයක් සත්ත්ව උවදුරු හේතුවෙන් විනාශ වෙන බවය.
මෙම තත්වය නැති කිරීම සඳහා දීර් ඝ කාලීන විසඳුමක් අවශ්‍ය වුවත් එතෙක් බලා සිටීම ප්‍රායෝගික නොවීම හේතුවෙන් ගොවියන්ට තුවක්කුවක් ලබා දී වනසතුන් පළවා හැරීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන බව නලින් බණ්ඩාර මහතා මෙහිදී පවසා තිබේ.
කෙසේවෙතත් තුවක්කුවක් ලබා දෙන්නේ වන සතුන් පළවා හැරීමට පමණක් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.