Connect with us

පුවත්

ආදායම් වියදම් වාර්තා භාර නොදුන් ජනපති අපේක්ෂයින් තිදෙනා ගැන නිවේදනයක් (Update)

Published

on

පැවැති ජනාධිපතිවරණයට අදාළව ආදායම් සහ වියදම් භාරදුන් ජනපති අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සඳහන් වන්නේ ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයින් 38 දෙනාගෙන් 35 දෙනෙකු සිය වාර්තා ලබා දී ඇති අතර ඉන් තිදෙනෙක් සිය ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බවය.

බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න , පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් යන ජනපති අපේක්ෂකයින් එලෙස ආදාළ වියදම් වාර්තා ලබා දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.


අපේක්ෂකයින් තුන් දෙනෙක් ජනාධිපතිවරණ වියදම් වාර්තා දීලා නැහැ

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 35 දෙනෙකු ඊයේ (14) දිනය අවසන් වනවිට මැතිවරණ වියදම් වාර්තා භාරදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පවසයි.

ඒ අනුව, අපේක්ෂකයින් 3 දෙනෙකු ජනාධිපතිවරණ වියදම් වාර්තා භාර දී නොමැති බව ඔහු සඳහන් කලේය.

එම අපේක්ෂකයින්ට අදාළ වියදම් වාර්තා භාරදීම සඳහා ලබාදී තිබූ කාලය ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය

මෙවර ජනධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයින් 38 දෙනෙක් තරග වැදුණි.

මේ අතර, අද (14) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ, දේශපාලන පක්ෂ 28 කින් එම පක්ෂවල වියදම් වාර්තා භාර දී ඇති බවය.

මැතිවරණ කොමිසන් සභාව මීට පෙර සඳහන් කළේ, ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21 ක් ඇතුළත අදාළ වියදම් වාර්තා ලබා දිය යුතු බවය.

ඒ, අනුව අදාළ කාලය තුළ එම වියදම් වාර්තා භාර නොදෙන අපේක්ෂයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද එම කොමිෂන් සභාව සඳහන් කලේය.

පුවත්

මූල්‍ය  වංචාවක්  නිසා විදේශ නියුක්ති කාර්යාංශයේ 06කට වැඩ තහනම්

Published

on

By

ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගත කර රුපියල් කෝටි 250 කට පමණ සිදු කළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විදේශ නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකු ඇතුළුව 06 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

ඊයේ (05) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ වැඩ තහනමට ලක්කර ඇති බව වාර්තා වේ.

2022 සිට 2024 අගෝස්තු මාසය දක්වා කාන්තාවන් 35000කට ආසන්න පිරිසක් මෙලෙස පළමුවරට ගෘහ සේවිකාවන් විදේශ රැකියා සදහා පිටත්ව යාමේදී ඔවුන් අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුවෙන් වංචා සහගත ලෙස නිදහස් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

මීට පෙර විදේශ රැකියා සදහා පිටත්ව නොගිය කාන්තාවන් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් පළපුරුද්ද ඇති බවට සහතික කරන ලද කූඨ ලේඛන සකස්කර මෙම දැවැන්ත මූල්‍ය වංචාව සිදු කර ඇත.

ඒ සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ හතලිස් දහස දක්වා මුදලක් අයකර ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

මෙම මූල්‍ය වංචාව සහ අක්‍රමිකතාව පිළිබද සියලු තොරතුරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තොරතුරු වාර්තා වේ.

ප්‍රථම වරට මෙම වංචාව පිළිබඳව මාධ්‍ය මගින් තොරතුරු හෙළිදරව් කර ඇති අතර  රාජ්‍ය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදීද මේ පිළිබඳව කරුණු විමසා තිබේ.

ඒ අනුව යමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශනයට අදාළව ඉහත නිලධාරීන්ගේ සේවය අත්හිටුවමින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කර තිබේ.

Continue Reading

පුවත්

සල්ලි දීලා ගත් කසිප්පු බාලයි කියා පොලිසියට පැමිණිලි කරයි

Published

on

By

ගාල්ල, මිලිද්දුව ප්‍රදේශයේ පුද්ගලයකු තමා මිලදීගත් කසිප්පු හොඳ නැති බවත් ඒවාට යමක් කවලම් කර ඇති බවත් පවසමින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දුරකථන ඇමතුමක් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව අධිකරණයේ පෙනී සිටීම සඳහා දිනයක් ලබාදී පොලිස් ඇප මත මුදාහැර ඇත.

පොලිස් හදිසි ඇමතුම් ඒකකයෙන් ලද පැමිණිල්ල අනුව ගාල්ල පොලිසියේ නිලධාරීන් විසින් එම ස්ථානයට ගොස් කසිප්පු සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

පුවත්

කටුනායක වෙඩිතැබීමක්

Published

on

By

කටුනායක, 18 කණුව ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

අද (06) උදෑසන 10ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව වාර්තා වේ.

කිසියම් පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරෙන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අදාළ ප්‍රදේශයට ගොස් තිබේ.

එහිදී ඔහු පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇත.

එම අවස්ථාවේ දී වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අදාළ සැකකරුගේ දණ හිසෙන් පහළට වෙඩිතැබීමක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා සීදූව විජයකුමාරතුංග රෝහල වෙත ඇතුළත් කර ඇත.

සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved