මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරගවදින ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයකුට අයත් පෝස්ටර් අලවමින් සිටි සැකකරුවන් 5දෙනකු බොරැල්ල කනත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි
පොලිසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් 05 දෙනකු බවය.
සැකකරුවන් සන්තකයේ තිබී එම අපේක්ෂකයාගේ පෝස්ටර් 1500 ක්, පාප්ප බාල්දියක් සහ සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් පොලිසිය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් කුලී පදනම මත පෝස්ටර් ඇලවීම කළ පුද්ගලයන් බවට තොරතුරු අනාවරණය වී ඇත.
සැකකරුවන් අධිකරණයට අද (21) ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සමබන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.